මනාපේ ගන්න අපේක්ෂකයා සල්ලි බෙදලා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද( 14) අලුයම එකට පමණ මහ මැතිවරණ අපේක්ෂකයකු,ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය අල් මනාර් කදවුර අසළදී කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 14 November 2024
ඡන්දය දීමේ ප්‍රතිශතය චුට්ටක් වැඩි වේ දහවල් 2.00 වන විට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්ම වූ බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 November 2024
බඹරු ඇන පෙරපාසල් දරුවන් 17ක් රෝහලේ තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි. 14 November 2024
දුම්රිය ගමන් වාර 10 ක් අවලංගුයි දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. 14 November 2024
අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද(14)දින අත්අඩංගුවට ගත්බව තන්තිරිමලය පොලිසිය කියයි. 14 November 2024
ට්‍රම්ප්-බයිඩන් හමුවෙති ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි. 14 November 2024
නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව, ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වනු ඇත්තේ ද මැට් ගේට්ස්ය. 14 November 2024
ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර ඇත. 14 November 2024
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. 14 November 2024
ජන්දෙ දාන්න යන්න අද සාමාන්‍ය පරිදි බස් සේවා අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය. 14 November 2024
අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසිය පවසයි. 14 November 2024
අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන් මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 14 November 2024
කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින් කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි . 14 November 2024
ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් ඊයේ (13) සොයාගත් බව සූරිය වැව පොලිසිය පවසයි. 14 November 2024
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2024
ඡන්දය ආරම්භ වේ පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි. 14 November 2024
බඩෝවිට වෙඩි තැබීමක් ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 13 November 2024
මැතිසබේ නිවාඩු අවලංගුයි නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත. 13 November 2024
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 13 November 2024
මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙවණ පොලිසිය පවසයි 13 November 2024
සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 13 November 2024
හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම් පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට තුඩුදුන් හෙයින් මෙවර එලෙස නොකරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටී. 13 November 2024
ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට? ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත. 13 November 2024
උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 13 November 2024
පළමුවරට මුහුදු ගිය ධීවරයා මරුට හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය. 13 November 2024
මෙරට අංශ කිහිපයක සංවර්ධනයට නෙදර්ලන්ත මහාචාර්ය සහය මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ. 13 November 2024
කිරිමැටි වලේ නාදුනන මළසිරුරක් කළුතර දෙදියවල ප්‍රදේශයේ කරවලදූව පාලම අසල කිරිමැටි වලක තිබී අද(13)වැනි දා සැකසහිත මළසිරුරක් හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි . 13 November 2024
පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක් රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පසුගියදා පැවැත්විණි. 13 November 2024
කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. 13 November 2024
කෙහෙලියගේ නඩුවකට දින දෙයි මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 08 වැනිදා සිට විභාග කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය අද (13) තීරණය කළාය. 13 November 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026