
(ඩි.ජී.සුගතපාල)
හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය.
මෙසේ මියගොස් ඇත්තේ දොඩන්ගොඩ ගිණිමැල්ලගහ පදිංචි දිනිඳ ඉරංග ජයවරධන නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ප්‍රථම වතාවට ධීවර රැකියාව සඳහා මෙම යාත්‍රාවෙන් ගොස් ඇති බවත් ඔහු ඈත මුහුදේ දී මුහුදට පැන ඇති බවත් පසුව අනෙක් ධීවරයින් විසින් ඔහු යාත්‍රාවට ගෙන ගැටගසා තිිබී ඇති බවත් පසුව ලේ වමනය කර මියගොස් ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මළ සිරුර හික්කඩුව පොලිසිය විසින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇති අතර හෙට පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදය සිදුවීමක්ද? මේ වගේම සිද්ධි කලිනුත් වාර්තා වෙලා තියෙනවා. දැන් බලයේ ඉන්න අය නවක වදවලට නම් ආධුනිකයි.
මුහුදු යන නවකයින්ට දෙතිස් වධයටත් වඩා වැඩි වධහිංසා විදීමට සිදුවනවා