
(කුෂාන් ජයවර්ධන)
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
අද (13) සවස 5.30ට පමණ සිදුව ඇති අකුණු සැර වැදීමකින් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මැදවච්චිය දිවුල්වැව කුඹුරු යායේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි
සිද්දියෙන් මිය ගොස් ඇත්තේ මැදවච්චිය කුලික්කඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 47ක් වන අප්පුහාමි මුදියන්සේලාගේ ලක්මල් ජයකොඩි නමැති අයෙකි.
කුඹුරේ සී සාමින් සිටියදී අකුණු සැරට ලක්වීමෙන් බරපතළ තත්වයේ සිටි එම පුද්ගලයා කඩිනමින් ප්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට ඇතුළත් කළද බරපතළ තත්වයේ සිටි ඔහු රෝහල් ගතකරන අවස්ථාවේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මැදවච්චිය පොලිසිය මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට