
ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි.
නව ජනාධිපතිවරයාට ඉඩ දී, ධුරය අවසන් කරන ජනාධිපතිවරයාගේ සමුගැනීම සනිටුහන් කිරීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි. ජනාධිපති බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරැයුම් කළේ ඒ අනුවය.
මෙම 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් අතරේය. දෙදෙනා අතරේ පැවැති සජීවී රූපවාහිහිනී විවාදයේ දී 81 හැවිරිදි බයිඩන්ට ඔහුගේ වයස හරස් විය.
වචන පැටැලී අසරණ වෙද්දී, ට්‍රම්ප් විවාදය ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, සිය දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිනිය ද වන කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේය. අවසන් සටන ට්‍රම්ප් සහ හැරිස් අතරේ පැවැතියේ ඉන් අනතුරුවය.
මැතිවරණ රැලිවලදී එකිනෙකාට අපහාස කරගත්, චෝදනා කරගත් සහ පරිභව කරගත් ප්‍රතිවාදීන් වූ බයිඩන් සහ ට්‍රම්ප්, ධවල මන්දිරයේ දී එකිනෙකා හමුවූයේ සුහදව සිනාවෙමින් අතට අත දෙමිනි. ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එය කැමරාවට පෙනෙන ලෙස කළ බොරු රඟපෑමක් බවය. දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී ද මාධ්‍යවේදීහු කණ්ඩායමක් ධවල මන්දිරයේ රැස්ව සිටියහ.
සාමකාමීව බලහුවමාරුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් බයිඩන් සහ ට්‍රම්ප් සාකච්ඡා කළ අතර, සාමකාමීව එම කටයුතු අවශ්‍ය පරිදි කර දෙන බව බයිඩන් ට්‍රම්ප්ට පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් බයිඩන්ට ස්තුති කළේය.
‘යළිත් වරක් ඔබ ධවල මන්දිරයට සාදරයෙන් පිළිගන්නවා’ යැයි බයිඩන් පවසද්දී,තමන් ද සාමකාමී බල හුවමාරුවක් අපේක්ෂා කරනවා යැයි ට්‍රම්ප්, බයිඩන් හමුවේ පෙන්වා දුන්නේය.
කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරය හෙබවූයේ 2016 ජනාධිපතිවරණය ජය ගනිමිනි. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් පරාජය විය. ඒ, බයිඩන් හමුවේය.
ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ, 2025 ජනවාරි 20 වැනිදාය.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රම්ප්-බයිඩන් හමුවෙති