IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෙහෙලියගේ නඩුවකට දින දෙයි

 

(ජේ ඒ එල් ජයසිංහ සහ සරත් කුසුම්සිරි රණසිංහ)

මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 08 වැනිදා සිට විභාග කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය අද (13) තීරණය කළාය.

නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් නම් කර සිටින රඹුක්පිටිය වසමේ ග්‍රාම නිලධාරිවරයා මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති හෙයින් නඩු විභාගයවෙනත් දිනයකට කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ තාරකා කෝදාගොඩ මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.

වසර 25කට පමණ පෙර සිදුවු සිද්ධියකට අදාළ මෙම නඩුව කැඳවු අවස්ථාවේ නඩුවේ විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

1999 මාර්තු 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක, නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේදී, වස්තු හේවගේ විමලසූරිය යන අයට වෙඩි තබා බෝම්බ ගසා මරණයට පත් කල බවටත් ඒ අවස්ථාවේදී බෝම්බ ගසා වෙඩි තබා මහින්දානන්ද අලුත්ගමගේ සහ කේ. ශ්‍රියානන්ද, එච්. නන්දසිරි, පී.ජී. නිමල් රාජසිංහ සහ එම් ජී. ප්‍රියන්ත මල්වත්ත නමැත්තන්ට බරපතල තුවාල කල බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මීනීමැරම් චෝදනා ඇතු`ථ අධි චෝදනා මත මෙම නඩුව පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිීරීම සඳහා නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කේ.ආර්. ශෂින්කිරණ් සහ රජයේ රස පරීක්ෂක මැන්දිස් යන මහත්වරු ඇතුළු සාක්කිකරුවන් 55 කෙනෙකු නම් කර ඇත.



අදහස් (0)

කෙහෙලියගේ නඩුවකට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site