
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.
එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (13) පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටදීම පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ සභාපති කිම් චුන්ග් රෙන්ග් (Kim Chung Ryong) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට ඒ සම්බන්ධව හොඳ නිපුණතාවයක් තියෙනවා... කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් එය තවදුරටත් වර්ධනය කිරීම හොඳ ක්‍රියා මාර්ගයක්. ඒ වගේම කොරියානු E8 කෘෂිකාර්මික වීසා ඒක සම්බන්ධයෙන් මේ රජය අවදානය යොමු කරලා එම ක්‍රියාවලිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරලා ලාන්කිකයින්ට ඒ සම්බන්ධ අවස්ථාවක් ලබාදිය යුතුයි.
ඇත්තටම හොද වැඩක් අපි ජනාදිපති තුමාගෙන් ඉල්ලන්නෙ කොරියානු රැකියාවලට තියෙනෙ වයස් සීමාව 45 වෙනකම් වත් වැඩිකරල දෙන්න කියල.ඒ වගේම කාර්මික skill woker weldin වලට ගත්තා වගේ විදුලි කාර්මික අංශ යටත්රැකියා අවස්තා ලබා දෙන්න කියල.