(සුජිත් හේවාජුලිගේ )
ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.
කෙසේ වෙතත් මෙම බංගලාවලට කුමක් කරන්නේ දැයි කැබිනට් මණ්ඩලයෙන් විමසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර සහ එහි අතිරේක ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් රජයේ බාරයට ගත් ඇමති බංගලා අද (13) පරීක්ෂාවට ලක් කළේය.
එම බංගලා පරික්ෂා කිරීමෙන් පසු ඒවායේ ආරක්ෂාව සඳහා තවත් තීන්දු තීරණ කිහිපයක් ගත් බව අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවසීය.
හිටපු ඇමැතිවරුන් පාවිච්චි කළ බංගලා 28 ම රජයට බාරදී අවසන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හොඳ තත්ත්වයට ආපු දවසට ඇමතිලාට බංගලා දෙමු. දැනට මුදලක් හොයන වැඩකට යොමු කරමු. මෙවන් තීරණ ගතහැක්කේ එඩිතර වරප්‍රසාද වලට ගිජු නැති රජයකට පමණයි
කෙරෙනවා නම් ඒ වැඩේ නියමයි.. කරයිද?