IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා

(ගයාන් සූරිය ආරච්චි)

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් ඊයේ (13) සොයාගත් බව සූරිය වැව පොලිසිය පවසයි.

එම ලොරියේ හිමිකාරිනියගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

ටී 56 ගිනි අවියක් ලොරි රථයක සඟවාගෙන ඡන්ද පොළකට පහරදීම සඳහා සූදානමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සූරිය වැව පොලිසිය වහා ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශන වලදී එම ලොරියේ ඩිෆරන්සරයේ උඩ කොටසේ ඉටි බෑගයක ඔතා සඟවා තිබූ ටී කටක් ගිනි අවිය, බෝම්බ සහ උණ්ඩ පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම ආයුධ තොගය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට නිවැසියන් හෝ කිසියම් පුද්ගලයකු විසින් සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර ලොරි  රථය පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (1)

ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා

ravin Thursday, 14 November 2024 01:13 PM

ආයේ අහන්න දෙයක් නෑ... කාලකණ්ණි දේශපාලකයෙක් පිටිපස්සේ ඇති. හොඳට හොයලා බලලා මුළු පවුලම උල තිබ්බානම් වැඩේ කම්මුතුයි...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site