
(විමුක්ති එස් රුද්‍රිගු)
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවින් අධිකරණ භූමියේ නියෝග මත ආරක්ෂාව සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ(12) නියෝග කළාය.
මෝසමක් මාර්ගයෙන් ඊයේ (12) නැවත වතාවක් නඩුව කැඳවූ අතර එහිදී පෙරදින අධිකරණ නියෝග ප්‍රකාරව පෙරේදා (11) සවස 6 ට පමණ සුජීව සේනසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසුව වී8 රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා පැවැසුවේය.
රස පරීක්ෂක වාර්තාව තවමත් පැමිණ නැති බවත් මේ වනවිට ප්‍රශ්නගත වාහනය සම්බන්ධයෙන් පාර්ශ්වයන් කීපයකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා ප්‍රකාශ කළේය.
නමුත් තවත් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් මෙම වාහනය එකලස් කළ එකක් දැයි නිශ්චිතව පැවැසිය හැක්කේ රස පරීක්ෂක වාර්තාව පැමිණි පසුව පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය. මෙම මෝටර් රථය 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතාට ලැබුණු බලපත්‍රයකට මෙරටට ගෙන්වා ඇති බවත් 2011 වසරේදී මෙම මෝටර් රථය මාරක රිය අනතුරකට මුහුණදී ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා ප්‍රකාශ කළේය.
මාරක රිය අනතුරෙන් පසුව රථය එකලස් කර ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන පැවැත්වෙන බවත් මෝටර් රථය එකලස් කළ එකක් දැයි දැන ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තාව ලැබිය යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකා පට්ට හොරා .ඒ උනාට ටෝක් දෙන්නේ කොහොමද
මේ වගේ තක්කඩි හොරු එම පක්ෂ වලින් ඉවත් කරේ නැත්නම් එම පක්ෂ වලත් අවසානය තමා
අනුන්ගේ පර්මිට් සල්ලිවලට අරගෙන, විශේෂයෙන්ම ජනතා නියෝජිතයො කියල කියාගන්න අය, මෙහෙම ගනුදෙනු කරන එක සදාචාර සම්පන්න නැහැ.
වාහන පූට්ටු දිගඇරෙද්දි පොර ටෝක් දුන්න කාගෙ කාගෙත් දෙකොන පූට්ටුවෙයි වගේ.
ලංකා දේශපාලනයේ බිහිවූ ලොකුම හොරු.. කඩුවෙල කාලාම දැම්මා...
බැඳුම්කර හොරුන්ගෙන් සල්ලි අරගෙන බැඳුම්කර වංචාවක් වුණේ නෑ කියලා පොතක් ලියපු පුද්ගලයෙක් මේ. සජිත් ප්‍රේමදාස ළඟ ඉන්නේම මේ වගේ පට්ට හොරු තමයි.
වාහනයක් හැපුණාම එහි බඳට හො ඉදිරිපසට විශාල හනියක් සිදු වුණොත් එම කොටස් අනිවර්‍යෙන් අලුතෙන් හො පාවිච්චි කළ වාහන වල කොටස් යොදා නැවත එකලස් කරන එක ලෝකයේ සියලුම දියුණු වෙමින් තිබෙන රටවල කරන ක්‍රියාවක්! මෙහිදි සොයා බැලිය යුත්තේ එවැනි සාධාරණ ක්‍රියාවක් සිදු වූවාද නැද්ද? කියා සොයා බැලීමයි ! අනික දැනට පර්මිට් එක විකුණන එක නීති විරෝධී ක්‍රියාවක් නොවෙයි ! Jvp / මාලිමා හිටපු මන්ත්‍රිවරුත් පමිට් විකුණා පක්ශ අරමුදලට සල්ලි හොයා ගත්තා...
වාහන ගෙන්වීමේදී විශාල ලෙස වංචා සිදුවී ඇති බව පැහැදිලියි. මේවාට සම්බන්ධව රාජ්‍ය නිලධාරිනුත් නොඉන්න බැහැ. ඔවුන්ද අල්ලා ගත යුතුයි. වැටුපෙන් කිරීමට නොහැකි විශාල ලෙස වත්කම් රැස් කරපු අය ඉන්න බව කියැවෙනවා. මුල් සොයන්න ගියොත් කෙළවරක් නැති වෙන්නත් පුළුවන්. අනේ අපේ දහම් දීපය...?
මේ සිද්ධියේදී මෙයා වරදකරුවෙක්ද කියල කියන්න මම දන්නේ නම් නැහැ. හැබැයි මෙයා තමයි සජිත්ට හේත්තු වෙලා එයාට ඕනි විදියේ එක එක හොර තක්කඩි ජාවාරම් කාරයන්ව සජබෙට අරන් ඇවිත් පැලපදියම් කරවලා සජිත්ගේ පක්ෂේ භේද භින්න කරවලා අන්තිමට කාලා විනාශ කරවලා පුස්ස බින්දා වගේ වෙන්න ඇරලා ඒ මිනිහව නැත්තටම නැතිකරපු කෙනා. දැනුත් ඔය වේදිකා පොකට් මිටින් වල අළුත් රජයට විරුද්ධව නොයෙකුත් කුහක කතා කියා කියා නහයෙන් අඩනවා. සජිත්ට සමහරු මෝඩයා කියන්නේ මෙන්න මේ වගේ අයට රැවටිලා ඔක්කොම නා ගන්න හින්දා.
යූ ටියුබ් නිවුස් වල තිබුන රංග ගෙ එම කන්ඩම් වෙච්ච වාහනය මෙයා සල්ලි දීල අරගෙන ඒකෙ චැසි අංක මේකෙ කොටල එම රංගගෙ වාහනයේ අංකය යටතෙම ධාවනව වෙනව කියල, නිශ්පාදන වර්ෂය අනුව ඒක තහවුරු වෙනව මෙන්න සජිත් හදන දූෂණයයෙන් තොර රට කරන්න ආපු අය, මොනවහරි ගැටලුවක් නැත්නම් මේක ඇදෙන්න බැහැ නේද?