
(සුමිත් පොතුපිටිය)
ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු අද පෙරවරු 11 ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට පොතුපිටිය පූජාරාමය විහාරාස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තිබේ.
පසුව ඡන්දය සලකුණු කර ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක කණ්ඩායම් නායකයාගේ මනාප අංකය කාර්ය මණ්ඩලයෙන් විමසා සිට ඇති බව සදහන් වේ.
එහිදී නිළධාරින් එම අංකය දැනුම් දීමට මැලිවීම හේතුවෙන් සලකුණු කල ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව වාර්තාවේ .
ඉරා දමන ලද ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ භාරයට ගෙන තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාර්ය මණ්ඩලය උගුලකට හසුකර ගැනීමට යෙදූ උප්පර වැට්ටියක් (උපක්‍රමයක්)... පිළිතුර පටිගතකොට ඒ නිලධාරීන්ව ගැටලුවකට පත්කිරීම තමයි අරමුණ... තව පිරිසක් මේ පිටුපස සිටිය හැකියි.. කරුණාකර මේ ගැන විධිමත් පරීක්ෂණයක් කොට මේ පුද්ගලයාට නිසි දඬුවම් ලබාදෙන්න.
දැන් මොකක්ද මෙතන වැරැද්ද? මේ රජයේ නිලධාරීන් කියන අයගෙන් වැඩි හරියක් කරන්නේ නිකන් ඉන්න එක. ඡන්දෙ දාන්න ආවේ නැතිනම් මේ මොකුත් නැහැ අර මනුස්සයාට. ඇවිල්ලා අන්තිමට මේ රජයේ නිලධාරීන්ගේ මානසික ලෙඩ නිසා පොලිසියේ යන්නත් ඕනෑ. මේවා විකාර...