
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනකු අද (14) බේරුවල ඡන්ද මධ්‍යස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පැවසීය.
සැකකරුවන් දෙදෙනාගේ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත.
බේරුවල චීන කොටුව නලින් හජ්ජිආර් බාලිකා විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේදී හා එදිරිල්ලගොඩ අල් හසීනියා මහා විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය තුළදී එම සැකකාර පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 35 අතර පසුවන්නන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd