
(අංජුල මහික වීරරත්න)
වැල් පාලම ආණ්ඩුවේ අය විසින්ම හොල්ලමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අද(14)පැවසීය.
තමා වැල් පාලම සොලවන්නේ නැතැයිද පසෙකට වී බලා සිටිනවා පමණක් යැයිද හිටපු ජනාධිපතිවරයා කීය.
කොළඹ කොලේජ් හවුස් හිදී ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ප්‍රශ්නය:- ශ්‍රමදානයට ගිහිල්ලද එන්නේ?
පිළිතුර:- මම ආවේ ව්‍යවස්ථාව අනුව ඡන්ද බලය පාවිච්චි කරන්න.පිරිසිදු කිරීම් කටයුතු අබාන්ස් එකට දීලා තියෙන්නේ.
ප්‍රශ්නය:- අදින් පස්සෙ 225ම හොරු කියන කතාව අවසන් වේවිද?
පිළිතුර:- ඒක ඉතින් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්නේ.වාර්තා අනුව නම් ඡන්ද ප්‍රකාශ කිරීමේ උනන්දුව අඩුවෙලා තියෙනවා.ජනතාව ඊට එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ.ප්‍රතිඵල එන්නේ කොහොමද කියලා බලමු.
ප්‍රශ්නය:- ඒ කියන්නේ සැඟවුණු අමුත්තා තෝරගන්න බැරිවේවිද?
පිළිතුර:- සැඟවුණු අමුත්තෝ නෑ. දැන් ඉන්නේ සැඟවුණු අපේක්ෂකයෝ.
ප්‍රශ්නය:- මොකද හිතන්නේ, එල්බෝඩ් ආණ්ඩුවක් ඒවිද?
පිළිතුර:- ආණ්ඩුව එල්බෝඩ් වුනාට පාර්ලිමේන්තුව එල් බෝඩ් කරන්න එපා කියලා මම කියන්නේ.පළපුරුදු අයත් ඉන්න ඕන.
ප්‍රශ්නය:- ඔබතුමා වැල් පාලමේදී දරුවා සෙනෙහසින් භාර දුන්නා.හැබැයි එහෙම බාර දීලා වැල් පාලම හොල්ලනවා කියලා මතයක් තිබෙනවා.
පිළිතුර:- මම නෙමෙයි හොල්ලන්නේ. ඒගොල්ලොනේ හොල්ලන්නෙ. මම බලාගෙන ඉන්නවා.මම කියන්නේ අයි.එම්.එෆ් ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න, කල් දාන්න වැඩක් නෑ කියලා.
ප්‍රශ්නය:- ඔබලාගේ පක්ෂයට කොපමණ ඡන්ද ප්‍රමාණයක් වැටේවිද?
පිළිතුර:- මේ යන ක්‍රමය අනුව වාසි වෙන්න පුළුවන්. අවාසි වෙන්න පුළුවන්. ඒක දැන්ම කියන්න බැහැ.
ප්‍රශ්නය:- ඔබතුමාගේ උපදෙස් ඉදිරියේදී රජයට ලබා දෙනවාද?
පිළිතුර:- උවමනා නැහැ කිව්වනේ.
ප්‍රශ්නය:- ඒ කියන්නේ එන්.පී.පී ආණ්ඩුවක් හෙට ඉඳන් එනවා කියන එක විශ්වාසද?
පිළිතුර:- විධායකය කොහොමත් එන්.පී.පී නේ.ව්‍යවස්ථාදායකය කොහොම වෙයිද කියන්න බෑ.
ප්‍රශ්නය:- අගමැති එම පක්ෂයෙන් පත් කර ගැනීමට හැකි බව සමගි ජන බලවේගය නම් කියනවා.
පිළිතුර:- එහෙම කියන්න බෑනේ. මාලිමාව කියනවා කවුරුවත් ගන්නෙ නෑ කියලා.මේ අය තව එකක් කියනවා. ඒක ඒ අය අතර තියෙන ඩීල් එකක් ද දන්නේ නෑ.
ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව සුද්ද වෙලාම ඒවිද?
පිළිතුර:- ඒක තමයි. පාර්ලිමේන්තු මහලේකම් තුමාගෙන් අහන්න ඕන සුද්ද කරලා දැම්මද කියලා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ වැලත් අරන්, යාලුවාත් එක්ක ටාසන් සහ ජේන් සෙල්ලම කරන්න ඔය දෙනියාය පැත්තට වගේ ගියා නම් ලොකු දෙයක් කනක් ඇහිලා ඉන්න...!
ජිම් පප්පා, හිස් ටින් එකක් වගේ...!
මේ ගෝතයන්ගෙන් අදහස් විමසා ඒක අදින් අවසන් වේවි කියලා හිතනවා...
කව්රු කොහොම කිව්වත් මේක ගොඩදාන්නේ ඔබතුමන්ගේ කණ්ඩායම බව විශ්වාසයි...!
මෙතුමා කොතරම් දක්ෂයෙක් වුණත් වංචාව, දූෂණය, මහජන මුදල් අවභාවිතය පාලනය කිරීමට අසමත්වූ නායකයෙක්...!
අර ජීවිත කාලය පුරාවට මහජන මුදලින් යැපෙන්න හදාගත්තු ඒවා නැති වුණාම නම් වැලේ වැල් නැතිව තමයි ඉන්න වෙන්නේ...
47වසරක් දේසපාලනේ කෙරුවා .බල තන්හාවට වැඩිය දෙයක් නැහැ.කයිවාරුව නම් තියෙනවා
අනේ මනුස්සයෝ යන තැනකට පිනක් කරන් ඉන්න එකයි ඇත්තේ දැන්නම්