
(විමුක්ති එස් රුද්‍රිගු)
සිය පැටවුන් බේරා ගැනීමට සිංහ ධේනුවක් සමග පුදුමාකාර ධෛර්යයකිනි සටන් කරන දිවියකු පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ. ටැන්සානියාවේ සැරන්ගෙටි ජාතික වන උද්‍යානයේදී මෙම සිදුවීම සිදුව ඇත.
දිවියා සිංහ ධේනුව සමග සටන් කරන අවස්ථාවේදී ඒ අසළට පැමිණි කාල් සහ බොබ් නැමැති සංචාරකයන් යුවළ මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම පටිගත කර ඇති අතර එය යූ ටියුබ් නාලිකාවක් වන ලේටස්ට් සයිටින්ග්හි උඩුගත කර තිබේ. එම වීඩියෝවේ පැටවුන් බේරා ගැනීම සඳහා සිය ජීවිතය පරුදුවට තබා දිවි මව සිංහ ධේනුව සපාකමින් පහර දෙන අයුරු පටිගත වී ඇති අතර දිවි මව සිංහ ධේනුවගේ කකුල සපාකන අවස්ථාවේ සිංහ ධේනුව වේදනාවෙන් පසුපසට පනින අයුරුත් ලද අවස්ථාවෙන් දිවිමව පැනයන අයුරුත් එම වීඩියෝවේ දැක්වේ.
මවකට සිය දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් බව සත්ව විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
දිවිමව සිංහ ධේනුවත් සමග සටන් කිරීමෙන් දිවි පැටවුන්ට සැඟවීමට කාලයක් ලබාදී ඇතැයිද විශේෂඥයෝ පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙකුට කළ නොහැක්කක් නොමැත. සිංහයකු නොව ගිනි මකරෙකු සමග වුණත් සටනට යයි. මුහුදට වැටුණු පැටවුන් බේරාගැනීමට තම වලිගෙන් මහ මුහුද ඉසීමට උත්සාහ කල ලේන් අම්මගේ කතාවක් ඇත...
සමහර මනුෂ්‍ය වෙසින් ඉන්න තිරිසනුන්ටත් අන්ත අම්මලාට ඔය දරු සෙනෙහස නෑ...