වෙලේ සුදාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි නියෝග හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ යන අයට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කළාය. 24 July 2020
ජංගම දුරකථනය ක්‍රියාත්මකව තිබීමෙන් සත්‍යය වසංවෙයි මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයේ සිදුකළ විනය පරීක්ෂණයේදී එහි එක් නිලධාරියකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට තිබීම හේතුවෙන් ඇතිවූ බිය නිසා සත්‍ය තොරතුරු හෙළි නොකළ බව බන්ධනාගාර නිලධාරීන් පිළිගෙන ඇතැයි නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතාට දැනුම් දී ඇත. 24 July 2020
කැස්බෑව හෝටල් හිමි ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ් කැස්බෑව හෝටල් හිමිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර රන් භාණ්ඩ හා මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු යුද හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මම 29 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. 24 July 2020
ලොරියට යටවී කාර්මිකයා මරුට ඇල්පිටිය නගරාසන්නයේ පිහිටි ගරාජයක් තුළ ලොරි රථයක් අලුත්වැඩියා කරමින් සිටියදී එම ලොරි රථයට සවිකර තිබූ ලීවරය ලිස්සා යාමෙන් එම ලොරියටම යටවී කාර්මිකයා මිය ගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය පවසයි . 24 July 2020
මීගමු හිටපු බන්ධනාගාර අධිකාරීගේ වරෙන්තුවේ තීන්දුව සඳුදා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ලබන සඳුදා (27) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය. 24 July 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සැරසෙති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්රයේ හා වෙනත් ක්ෂේත්රවල වෘත්තීය සමිති එක්කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 24 July 2020
ආපදාවට පත්වූ කෙන්යානු නෞකාව ගාලු වරායට දින ගණනක් පුරා සියලු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් නාවික හමුදාව විසින් ආරක්ෂිතව ගාල්ල වරාය වෙත රැගෙන පැමිණි බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. 24 July 2020
පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය. 24 July 2020
ජොන්ස්ටන් ජනාධිපතිටත් - සාටකයටත් මුවාවෙලා වහසිබස් දොඩනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගෙ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 24 July 2020
ඡන්දය සෞඛ්‍ය නීතියට තියන්න අමතර කෝටි 50 ක් ඉදිරි මහ මැතිවරණය සෞඛ්යාරක්ෂක ක්‍රමවේද යටතේ පැවැත්වීමට අමතර කෝටි පනහක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 24 July 2020
නාකොටික් ලොක්කාත් - දෙවැනියාත් ගැන විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ සිද්ධියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්යක්ෂවරයා වගකීමෙන් ක්‍රියා කළේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (23) පැවසීය. 24 July 2020
තලවිල මංගල්‍ය බැතිමතුන්ට සීමා කරයි කතෝලික බැතිමතුන්ගේ නොමද ගරු බුහුමනට ලක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර සීමිත බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර සිටියි. 24 July 2020
සුවය ලැබුවෝ 17 ක් ගෙදර යති කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 17 දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 24 July 2020
පලාගිය ආසාදිතයා සොයා දුන්නාට මුදල් තෑගි මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ අද (24) අලුයම් කාලයේ දී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සදහා සහයෝගය ලබා දුන් කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයට සහ අනෙකුත් සියලු දෙනාට ඉදිරි දිනයක දී පොලිස්පතිතුමා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසීය. 24 July 2020
රජයේ නිලධාරිහු 40 ක් රාජකාරිය පසෙක තියා දේශපාලනයට බසිති විවිධ තරාතිරම්වල රජයේ නිලධාරීන් 40 ක් දේශපාලන කටයුතුවල යෙදී සිටින බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත. 24 July 2020
වැල්ල දේවාලයේ ඇසළ උත්සවය නොපැවැත්වෙයි ගාල්ල උණවටුන ඓතිහාසික වැල්ලෙ දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය මෙවර නොපැවැත්විමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය . 24 July 2020
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා අල්ලයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම පලා ගිය පුද්ගලයා මීට සුළු මොහොතකට පෙරදී කොළඹ ජාතික රෝහල අසල දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි . 24 July 2020
නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ අඟුලාන පොලීසිය සහ පළාතේ මහජනතාව අතර ගැටුම්වලට ඉතිහාසයක් තිබේ. එය අඳුරු ය. අමිහිරිය. දැනට ටික කාලයකට ඉහත දී අඟුලානේ තරුණයන් දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ පිළිබඳ අධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව ඔවුහු සිරදඬුවම් ලැබූහ. එම සිද්ධියේදී ද අඟුලාන පොලීසියට එරෙහිව නීතිය අතට ගත් ප්‍රදේශවාසීහු පිරිසක් පොලීසියට පහර දුන්හ. 24 July 2020
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 300 ක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (24) නව කොරෝනා වයිරස ආසාදිතයන් 300ක් සහ වයිරස ආසාදිත මරණ 6ක් වාර්තා විය. 24 July 2020
යක්කල අනතුරකින් අඹුසැමි යුවළක් මරුට යක්කල - කිරිදිවැල මාර්ගයේ යක්කල පොල ඉදිරිපිට විදුලි රැහැන් කණුවක මෝටර් රථයක් ගැටී රථය දෙකඩ වීමෙන් එහි ගමන්ගත් අඹු සැමි යුවළ මිය ගොස් දරු දෙදෙනා සහ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි. 24 July 2020
හම්බන්තොට නිරෝධායනය වෙමින් සිටි 43කට කොරෝනා නෑ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුට කළ පීසීආර් පරීක්ෂණවලට අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය. 24 July 2020
අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් පලා යති රන් භාණ්ඩ සහ හොරෙයින් මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිස් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පානදුර අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී අධිකරණය ආසන්නයේ අතුරු මාර්ගයකදී අත් මාංචු සමග පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 24 July 2020
කන්දකාඩු උපදේශකවරයාගේ සමීපතමයන් 21ට කොරෝනා නැහැ කොරෝනා වයිරසය ආසාදිත, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 21 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට, දෙවැනි වරටත් කළ පී. සී.ආර්. පරීක්ෂණවලදි තහවුරුවී ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 24 July 2020
මුල්ලේරියාව අයිඩීඑච් රෝහලෙන් ආසාදිතයෙක් පැන යයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (24) ද අලුයම 2.30 පමණ එම රෝහලෙන් පැනගොස් ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි. 24 July 2020
ලක්ෂ දෙකක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තීරුබදු රහිතව මෙරටට ආයතනය කළ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු දෙහිවල මුවර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස විශේෂ යතුරුපැදි ඒකකය කියයි. 23 July 2020
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ , මැණික් හා මුදල් කොල්ල කෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවසර ලබා දුන්නේය. 23 July 2020
පහර කෑමට ලක්වූ තෙවරප්පෙරුම ශල්‍යකර්මයකට හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කරයි. 23 July 2020
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා රඳවා ප්‍රශ්න කරන්න අවසර අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සුරා බදු නියාමකවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (23) නියෝග කළේය. 23 July 2020
බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය. 23 July 2020
ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සම විභාගයට මිලියන 600 ක් වැය කරමින් සිල්රෙදි බෙදා දීමේ සිද්ධියට එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග මහතා අදාල මුදල් විදුලි සංදේශ ගිණුමට බැර කළත් ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට ලබා ගෙන නැතැයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් අද (23) අභියාචනාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහත්වරුන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ කංචන රත්වත්ත මහතා කියා සිටියේය. 23 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026