
(තුසිත කුමාර ද සිල්වා)
හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කරයි.
ඒ මහතාගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ ඊයේ (22) බහින් බස් වීමක් ඇතිවීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍යවරයා අසල ඇති කාණුවකට ඇද වැටී කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මචන්ට මේ පාර වුනේ?
පලදුන්නොත් පල දෙන්නේම පෙර කළ කර්ම කොහේ ගියත් වැටෙනවමයි තෙවරප්පෙරුම...
මොනවා වුණත් කාලකන්නි තිරිසන් වැඩක්...
කවුද බොලේ අපේ කැලෑ රජාට ගහපු එකා.. හැබැයි අහුවෙන්න නම් එපා.
මොනවා වුනත් ඔය චන්ඩි කොන්ත්‍රාත් කාරයාගේ කේන්ද්‍රය හොඳින් බලාගන්න එක හොඳයි.
මේ මනුස්සය පිස්සු වැඩ කලත් අනික් දේශපාලුවෝ වගේ හොරෙක් නොවෙයි.
බීපුවාමත් ඔහොම කාණු වලට වැටෙනවා.
වසරේ හොඳම නළුවට හිමි සම්මානය ලැබෙයි මෙහෙම කලොත්.
ඡන්දේ ගන්න ආධාර දීම මැතිවරණ නීතියෙන් තහනම් වුනාට මට ගහන්න කියලා ගස්සවාගෙන පොටෝ දාලා අනුකම්පාවට ඡන්දේ ලබාගැනීම තහනම් නැහැනේ.
මොනවා වුනත් රජයේ රෝහලක බෙහෙත් ගන්න ඇමති කෙනෙක් දැක්කා.
තෙවරක් පෙරපු ඒවා ගහලා යන්න ඇති කොන්ත්‍රාත්කරුට උපදෙස් දෙන්න.