(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය නගරාසන්නයේ පිහිටි ගරාජයක් තුළ ලොරි රථයක් අලුත්වැඩියා කරමින් සිටියදී එම ලොරි රථයට සවිකර තිබූ ලීවරය ලිස්සා යාමෙන් එම ලොරියටම යටවී කාර්මිකයා මිය ගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය පවසයි .

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඌරගස්මන්හංදිය යටගල කන්ද ලිපිනයේ පදිංචි 26 හැවිරිදි ඉලන්දාරි දේව මංජුල රුවන් ගුණවර්ධන නැමැති විවාහකයෙකි.
මොහු විවාහ වී ඇත්තේ මීට මාසයකට පෙර බව පරීක්ෂණ වලදී හෙළි වූ බව ද පොලිසිය කියයි.
ගරාජය තුල තිබූ ලොරි රථයට ලීවරය (ජැක් එක) සවිකර උස්සා එහි යටට ගොස් අලුත් වැඩියා කරමින් සිටියදී ලීවරය (ජැක් එක ) ලිස්සා යාමෙන් ලොරි රථය ඉදිරියට තල්ලු වී ඇති බවත් ඒ සමගම ලොරි රථයට මෙම කාර්මිකයා යටවී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් කාර්මිකයා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd