
(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සදහා තරුණ පරපුර තුළ ආගමික ප්රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම කාර්යයේදී මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරෙන බවද ජනාධිපතිවරයා කීය.
ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය බිඳ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය නොලැබෙන බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට අද (29) එක් වෙමිනි.
වත්මන් සමාජය තුළ ඇති වටිනාකම් සැබෑ වටිනාකම් නොවන බවත්, රටට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතුව තිබෙන බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, සියලු සංස්කෘතින්ට සහ අනන්‍යතාවලට ගරු කරන, සහකම්පනයෙන් යුත් සමාජයක් අවශ්‍ය බවද අවධාරණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd