
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (24) ද අලුයම 2.30 පමණ එම රෝහලෙන් පැනගොස් ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.
මෙසේ පැන ගිය පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන්නෙකු බවද අනාවරණය වී ඇත. ඇවිද යන විට ඔහුගේ වම් පාදයේ කිසියම් ආබාධයක් පෙන්නුම් කරන බවත් කිසියම් අයකු මොහු දුටුවහොත්, ඔහු අල්ලා ගැනීම වෙනුවට පහත සඳහන් දුරකථන අංකවලට වහාම දැනුම් දෙන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් කීය.
මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය වැළඳීමෙන් පසුගිය 15 දා, අයිඩීඑච් රොහලට ඇතුළත් කර ඇති බව ද පැවසේ.
වාට්ටු අංක හතරෙහි ප්‍රතිකාර ලබමින් සිටී මෙම පුද්ගලයා බිත්තියේ කවුළුවකින් එළියට පැන බටයක ආධාරයෙන් බිමට බැස මෙසේ පැන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහල් සේවකයකු ඇඳ මත රෝගියා නොසිටීනු දැක ඒ බව බලධාරීන්ට දන්වා මෙසේ සොයන්නට වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වැඩිදුරටත් පවසයි .
රෝගියා පැන යාමට පෙර කිසියම් අයෙකු ඇඳ මත සිටින ආකාරයට ඇඳ මත කොට්ට තබා ඒ මතින් ඇඳ ඇතිරිල්ලක් ද පොරවා මෙසේ පැන ගොස් ඇතැයිද පැවසේ.
රෝගියා පැන යාමත් සමග විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ නිලධාරීන් 100 දෙනකු පමණ පැමිණ අලුයම තුනේ පමණ සිට රෝහල අවට ප්‍රදේශයේ පූර්ණ පරීක්ෂාවක් ආරම්භ කර ඇති බව ද කියයි. ඒ අනුව මොහු පිළිබඳව කිසියම් තොරතුරක් ඇතොත් වහාම 119 හා 0718-591017, 0718-592290 සහ 0718-591864 යන අංක අංක වලට අමතා තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටි.
COMMENTS
කරපු ඔක්කොම වතුරේ.
දැන් මොකද කියන්නේ. හමුදාපතිතුමන් කිව්වා නේද මේ අය ගැන මුලින්. කන්දකාඩුවේ මේ අයට ප්‍රතිකාර කරන්න හදන්න ඕනේ කිව්වාම. දැන් තේරෙනවා ද කුඩුකාරයින්ව රෝහලක තියා ගෙන ප්‍රතිකාර කරන්න බැරි බව.
ඒ ප්‍රදේශය ආශ්‍රිත පොලිස් බල ප්‍රදේශ කීපයකට හෝ පළාතට හදිසි ඇඳිරි නීති තත්වයක් හෝ අගුලු දැමීමක් සිදුකර ඔහුව සොයා අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? ඔහු සමාජයේ සැරිසරන හැම තත්පරයක්ම නව ආසාධිතයන් පොකුරු බිහිවීමේ අවධානමක් ඇති බව අමතක වෙලාද? මෙවැනි රෝගීන් රඳවා තැබීමේ ක්‍රමවේද ගැන යළිත් සිතා බැලීමට කටයුතු කලයුතු නොවේද?
දෙවැනි රැල්ල පටන්ගන්න කලින් මෙයාගේ පිටින් ඔක්කොම යවන්න.
තනිකරම රෝහල් සහ ආරක්ෂක අංශයේ ලොකුම දුර්වලතාවයක්...
කිසිම මානව හිමිකමක් බලන්න එපා...
මොහුගේ නම, පදිංචි ප්‍රදේශය කියන්න බැරි මොකද.?
අතිගරු ජනාධිපතිගේ සහ අගමැතිතුමන්ගේ මගපෙන්වීමෙන් සහ අතිශූර යුද සෙන්පති ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙසින් සමස්ථ ඇමති මණ්ඩලයේ ආශීර්වාදයෙන් සියළු මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනාවල බලයෙන් සහ වීර සෙබළුන්ගේ කැපවීමෙන් මෙම රෝගියා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන සමස්ථ රට වැසියන්ගේම ජීවිත අවධානයෙන් ගලවාගෙන සුරක්ෂිත කළබව දැන ගැනීමට ලැබුණි.
මොහු සිංහල කෙනෙකු නොවේ. අහන්න දෙයක් නැහැ රට පනින්න යන්න ඇති.