
(ඩයනා උදයංගනී)
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හා වෙනත් ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති එක්කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
තම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර ඇති තවත් වෘත්තීය සමිති සමඟ ලබන සඳුදා දිනයේදී සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
කොවිඞ් 19 මර්දන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වෙත අවශ්‍ය නීතිමය බලතල ලබාදීමේ හැකියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට තිබියදීත් එසේ ලබානොදීම හේතුවෙන් තම සංගමය ඉකුත් 19 වැනිදා සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුමක් ලැබෙන තුරු අත්නොහරින බව ද ඔහු කීවේය.
උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තම සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට එක්වන බවට අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 16ක්, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති 15ක්, ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය, මහජන සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය හා තැපැල් වෘත්තීය සමිති ද දැනුම් දී ඇතැයි රෝහණ මහතා පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඉකුත් 19 වැනිදා සිට කොවිඞ් මර්දන රාජකාරීවලින් මෙන්ම ඩෙංගු රෝග මර්දන කටයුතුවලින් ඉවත්ව සිටින අතර, අද (24) දිනයේ දී අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වූහ.
COMMENTS
ඡන්දෙන් පස්සෙ ගුටි තමයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙත් වෘත්තීය සමිති මෙවැනි ආපදා අවස්ථාවක වර්ජනයකට එයිද? මහජනතාවගෙන් සහ රජයෙන් හොඳටම ලකුණු ලබාගෙන සුවවිරුවෝ කියන ගෞරවයත් ලබාගෙන ඉන්න වෙලාවක පී.එච්.අයි ලාගේ පදයට නටන්න ගොස් ඒ ගෞරවය නැතිකර ගන්න එකක් නැහැ.
මෙයාලාට කොහොමත් දෙන්න එපා... මේ ඔක්කොම ලෝක හොරු.. පගාකාරයෝ. අත්‍යාවශ්‍ය සේවා කරලා යවන්න. හෝටල්වලින් පගාගන්න රැලක්...
කෝවිඩ් නිසා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ තිබූ දෝසභංග වී ගොස් නව ආකල්පයකින් ඔවුන් දෙස බැලීමට අප මෙන්ම ජනතාවද හුරු පුරුදු වුණා. කෝවිඩ් නිසා ඔවුන් ජනතාවගේ ගෞරවනීය ඇගයීමකට ලක්වුණා. එහෙත්, මේ සංගම් පිහිටුවා ගෙන කරන්න හදන වැඩ වර්ජන වැඩේ නිසා ඔවුන් වෙත මහජන අපකීර්තිය ලැබීමට පටන් ගන්නවා. මේ ගැන හොඳින් සිතා බලා කටයුතු කරන මෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා. ඔබතුමන්ලාට ප්‍රශ්න ඇති.. ඒත්, ඒවා වැඩවර්ජන දක්වා ගෙන ගියහොත්, මේ අවස්ථාවේ එයින් දුක් විඳින්නේ දේශපාලනඥයන් නොව රටේ මහා ජනතාවයි. ඒ ගැන මදක් සිතා බලන්න.
මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ පටු අවස්ථාවාදී වෘත්තිය ක්‍රියා මාර්ග PHI මහත්වරුන්ට COVID 19 මර්ධනය සඳහා බලතල නැහැ කිව්වත් ජනාධිපති නීතිඥ සහ හිටපු නීතිඥ සංගමයේ සභාපති U.R. ද සිල්වා මහතා පැහැදිලිව සඳහන් කරනවා ගැසට් එක ප්‍රමාණවත් කියා. එමනිසා නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාණවත් බලතල තිබෙනවා. එමනිසා ව්‍යාජ හේතු දක්වන්න එපා. COVID 19 උවදුර මැඩීම සාමූහික ප්‍රයත්නයක්. ඔක්කොම බලතල PHI මහත්වරුන්ට දෙන්න කියන එක මෙම සාමූහික ප්‍රයත්නය ක්‍රියාත්මක කරන පද්ධතිය බිඳ වැටීමට හේතුවෙනවා. මෙතන වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ (MOH) බලතල ඉල්ලා සිටීමක්. එහෙම නම් MOH කෙනෙක් ඕන වෙන්නේ නැහැ. PHI මහත්වරු MOH ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතුයි. මේක හරියට යම් ඉදිකිරීමක බාසුන්නැහැ තමන් ගොඩනැගිල්ලේ සියළුම ඉදිකිරීම කරන නිසා ක්ෂේත්‍ර ඉංජිනේරු මහතාගේ බලතල ඉල්ලීමක් වැනිය. ඒ වගේම බලතල දෙන්න කියා මාරාන්තික උපවාසයකට යනවා කියන්නේ එතන COVID 19 මර්දනයෙන් ඔබ්බට ගිය වෙනත් වෘත්තිය ගැටළුවක් විසඳා ගැනීමට COVID 19 රෝගය දඩමීමා කරගන්න PHI මහත්වරු සූදානම් බවට සැකයක් (FISHY) ඇති වෙනවා.
වංචනිකව වෛද්‍යවරුන්ට ඉහළින් යන්න ඉල්ලීම් දිනා ගැනීමට කොරෝනා මඩින්න නීති නැහැ කියා ජනතාව රවටමින් PHIලා වගකීම් පැහැරහැරීම පිළිකුලක්...
"පාගමනක්, උද්ඝෝෂණයක්, උපවාසයක්, මාරාන්තික උපවාසයක්... " කරන්න හදන්නේ PHI මහත්වරු කොරෝනා මඩින්න නීති වෙනුවෙන්මද නැත්නම් පටු ගේමක්ද?
මේ ගොල්ලන්ගෙන් එතරම් වැඩක් නෑ. කට්ටියම ගෙදර යවන්නයි තියෙන්නේ.. රාජකාරි නාමය වෙනස් කර අලුතින් කට්ටියක් බඳවා ගන්නවා නම් හොඳයි. ගෙදරට වෙලා බිරිඳගෙන් බැණුම් අහ අහා ළමයින්ට කන්න නැතිව ඉන්න කොට තේරෙයි.
මොන බලතලද පගාමරුවන්ට...?
අපේ රටේ තිබෙන හෙන ගෙඩි වලින් එකක් - "විරුවා" කියලා පුම්බපු ගමන් නගිනවා ගහේ කරටියටම, ඊට පස්සේ සියලුම බලතල අවශ්‍ය වෙනවා! - පී.එච්.අයි. ට වැඩි බලතල දුන්නා කියා වසංගතය පාලනය වන්නේ නැත!!!. අපේ රටේ වැඩි බලතල සහ වැඩි නීතිරීති යනු වැඩි ජරාවක් කෑමට දෙන ලයිසන් එකකි.
මේ ඉල්ලීම් දුන්නොත් ඊට පස්සේ දොස්තරලා වර්ජනය කරයිද දන්නේ නැහැ. GMOA එකත් එක එක වෙලාවට එක එක කතා කියනවා.
මේ ආණ්ඩුව බලයට ආවේ රටේ අර්බුද නිර්මාණය කරලා. අද ආණ්ඩුවටම ඒවා පාරාවළල්ලක් වෙලා.