
(හිරාන් ප්‍රිංයංකර ජයසිංහ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.
මෙසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසමේ නිළධාරින් කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරිම සිදුව තිබු අතර පාසල් භූමිය නිරික්ෂණයට කිරිම ද සිදුවන ආකාරය දැක ගත හැකිවිය.
මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරවන්ට පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කළ පරික්ෂණ වලදී හෙළිකර ගෙන තිබේ .
ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරුවන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මෙයට පෙර ප්‍රකාශ ලබා දී ඇති බව කියයි.
ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් මේ පිළිබදව සොයා බැලීමට පැමිණ තිබිණි.
මෙසේ පැමිණි නිළධාරින් අරාබි පාසලේ සියලුම් ස්ථාන දැඩි විමර්ශනයට ලක් කර ඇති අයුරු දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ... නියපොත්තෙන්ම කඩලා දාන්න..
ලංකාවට අරාබි පාසල් වුවමනාම නැත. කරුණාකර මේ පාසල් පිළිබඳ කෙළින් තීන්දුවක් ගැනීමේ ප්‍රශ්නය අවසන් කරන්න.
අරාබි පාසල් ලංකාවේ ඇතිකරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිලාද? පුද්ගලික පාසල් නම් ඒකත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතුමයි. මේ සිංහල රටේ අරාබි පාසල් මොකටද? ඕක තමයි ජාතිවාදය... ඕනෑතරම් සිංහල පාසල් තිබියදීත් කොහේවත් යන අරාබි පාසල් ලංකාවට වැඩක් නැහැ. අරාබි පාසලට යන්න ඕනෑ නම් අරාබියට යන්න කරුණාකරලා...