
(නිමන්ති රණසිංහ)
හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ යන අයට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කළාය.
දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් තම සේවාදායකයාගේ ආරක්ෂාව දැඩි කරන ලෙසට බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ යන අයට එරෙහිව අධිකරණයේ පවතින මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාර නඩුවක් සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට තියෙන ආරක්ෂිතම තැන හතර රියන තමයි.
අපරාදේ අහිංසක මහජනතාවගේ බදුමුදල් මෙවන් අය වෙනුවෙන් තවතවත් වියදම් කරමින් මෙම පාපතරයන් නඩත්තු කිරීම.. කෙසේවෙතත් සුදු ඇඳගත්ත කබරයන් සැමවිටම තමන්ගේ පණ නල රැකගැනුමට ඍජුවම උදව්කරන ඕනෑම පාඩදයෙක් ආරක්ෂා කිරීම සෑමවිටම පෙරමුණ ගන්නා බව මෙය තවත් එක් උදාහරණයකි.
මරණෙට කැපවෙලා ඉන්න මිනිහෙකුට මොකටද තව ආරක්ෂාවක්... කුඩ්ඩන්ගේ මුදලින් යැපෙන නීතිවේදියොත් ඉන්නවානේ හැබෑට..
නාකොටික් කුඩු විකුණලා තියෙන්නේ. අපරාදේ අනිත් මිනිස්සු දුක් විඳින්නේ. වෙලේ සුදාට හොඳටම ගහලා වගේ, ඇවිද ගන්නත් බෑ... වගේ..
පරණ පොලිස් තාම වැඩ වගේ. කෝ මාංචු? ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් රාජ්‍ය නායකයෙක් වගේ ආරක්ෂාව දීලා අරන් යන්නේ මේ ආණ්ඩුවේ යාලුවෙක් හින්දා වෙන්න ඇති. හැබයි කියන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරනවලු. ඊට පස්සේ ඊට එහායින් තියෙනවා රාජ්‍ය නායකයාට සහ ආරක්ෂක ලේකම්ට තර්ජනලු. සිරිසේනගේ පිටපතමයි.
අද කාලේ සාමාන්‍ය මිනිහෙක් වෙනවට වඩා අපරාධකරුවෙක් වෙන එක ආරක්ෂිතයි වගේ.
එදා වේල හම්බ කරමින් බදු ගෙවන ගැත්තන් වන අපි, ඔබතුමාගේ ආරක්ෂාව ඉහළින්ම සලසා දීමට සැදී පැහැදී සිටින්නෙමු.
මරණීය දණ්ඩනයට නියම වෙලා නම් මොකටද විශේෂ ආරක්ෂාවක්..? ඒ සඳහා වැයවන්නේ ජනතාවගේ බදුමුදල් නේද? මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා නම් මේ කරදරවලින් රජය නිදහස් නේද?
ආරක්ෂාව මොකටද? රජයට කරන්න බැරි දේ වෙන ක්‍රමයකින් හෝ කරන්න ඉඩ දෙන්න.
විශේ්ෂ ආරක්ෂාවක් දාලා ඇහැ ගහගෙන ඉන්න ඕන... මෙයා ඇතුලේ ඉඳන් එළියේ ගේම් දෙන්නේ කොහොමද කියලා හොයන්න. නැතිව ඉතින් මරන්න ඉන්න කෙනාගේ මොනවා ආරක්ෂා කරන්නද?
මරන්න ඉන්න කෙනෙකුට මොන ආරක්ෂාවක්ද?
මේ නඩුවලට කතාකරන පචබාහුලට ගහන්න ඕනේ ඔක්කොටම කලින්...
ඔව් මෙයා ඒ ගොල්ලන්ගේ සැපයුම්කරුනේ... මේ හදන්නේ නිදහස් කරන්න. අපි දැක්කා මෙයා අරගොල්ලන්ගේ ඡන්ද වැඩවලටත් හොඳට උදව් කරනවා. අපි දන්නවා කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියලා... එන්නකෝ ඡන්දෙට අපි බලාගන්නම් 2/3 දෙනහැටි... මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නේ.
මේ අයගේ සල්ලි වලට කෑදර නීතීඥවරුනුත් ඉන්නවනේ. ඉතින් කොහොමද රට හදන්නේ...?
අපරාදෙ කියන්න බැහැ අනුර මැද්දේගොඩටත් හොඳට සල්ලි විසිකරන්න අය ඉන්නවා ඇති. මේවගේ කුඩු ජාවාරම් කාරයින්ගේ නඩුවලට ඉන්න අයගේ ළමයින්ටත් කුඩු දීලා බලන්න ඕනෑ.. එතකොට තේරෙයි කුඩු සල්ලිද, ළමා පරපුරද වටින්නේ කියලා.. කාලකණ්ණි මිනිස්සු...
සුදු පුතාවත් ආයුධ හොයන්න එක්ක යන්න තියෙන්නේ සර්...