
(මනෝප්‍රිය ගුණසේකර)
කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
මෙම විමර්ශනය සඳහා අවශ්‍ය වන බව කියමින් නීතීපතිවරයාගේ උපදෙස් මත සකස් කරන ලද ප්‍රශ්නාවලි දෙකක් අධිකරණයට ඉදිරිපත් කළ බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්නාවලියක් අධිකරණයට ඉදිරිපත් කළේය.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීම සඳහා එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලි දෙකේ මෙම ගොඩනැඟිල්ලට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? නැත්නම් මෙය ස්වභාවිකව සිදුවූ හානියක්ද? යන්න වාර්තා කරන ලෙසද ඉන් සිදුවු හානිය මෙන්ම මෙම ගොඩනැඟිල්ල යළි පිළිසකර කිරීම සඳහා ගතවන කාලය දැනුම් දෙන ලෙසද නියම කොට ඇත.
බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට වැඩිදුරටත් නියම කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා? මෙම ගොඩනැගිල්ලට සිදුවූ හානිය ස්වභාවිකව සිදුවූ හානියක්ද? එහෙම කතාවක් නීතිපති දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ කොහොමද? එහෙම එකක් මෙතනට අදාලම නැහැ. මුළු රටම දැක්ක මේ කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල තිබ්බ විදිහ සහ එකරැයින් ඒක විනාශ කරලා තිබ්බ විදිහ. මිනිස්සු කම්පාවෙනවා. නගරාධිපති ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදී පිළිගත්තා මේ ගොඩනැගිල්ල කැඩුවේ තමන් බව සහ මේක පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැනක් නම් ඔප්පු කරන්න කියලා... 2018 නොවැම්බර් 8 මේ නගරාධිපතිම මේ ගොඩනැගිල්ල නගර සභාවට පවරා ගත්තා කියලා තිබුණා.. මෙය දෙවෙනි බුවනෙකබා රජ සමයේ ඉඳිකළ පෞරාණික වටිනාකමකින් යුක්ත ගොඩනැගිල්ලක් කියලා. දැන් කඩලා ඉවර වෙලා වෙන කතාවක් කියනවා. සේවයේ නියුතුව හිටි නඩුකාරයෙක් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න කිව්ව නීතිපති, මේ නගරාධිපතිව අත් අඩංගුවට ගන්න කියන්නේ නැත්තේ නීතිය අවනීතිය කරන නිසා නෙමෙයිද? පොලිසිය දූෂිතයි කිව්ව නීතිපතිට තමන්ගේ දෙපාර්තමේන්තුව එහෙම නොවෙන බව කියන්න පුලුවන්ද?...
නවතම චිත්‍රපටිය ළඟදීම... තිර රචනය පටන් ගත්තා. බුල්ඩෝසරයක් යකා නටයි. හිටි හැටියේ පණගත් බුල්ඩෝසරයක් කුරුණෑගල බුවනෙක හෝටලයත් සමග තිබූ අමනාපයකට එම ඉඩමට කඩාවැදී විනාශ කළ චිත්‍රපටිය දැන් තිරගත වෙන්න සූදානම්... බුල්ඩෝසරය අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
2015 ඉඳන්ම කියනවා, අපට පළමුව වටින්නේ රට මිසක් පුද්ගලයන් නෙමෙයි. ෆාහියන් ලෙන ආශ්‍රිත කැණීම් වලදී කලින් අවුරුදු 30,000කට පෙර මානවයන් ලංකාවේ සිටිය බව කිව්වත් මෑතදී හොයා ගත්ත ඔවුන් අවුරුදු 48,000කට පෙරත් ජීවත් වූ බව. ඈත අතීතයේ ලංකාවේ ජීවත් වූ ජන වර්ග අතරින්, දැනට හොයාගෙන තියෙන්නේ, කෘෂිකර්මාන්තයේ යෙදුනු රාක්ෂ නමින් හැඳින්වූ, පසුව හී-යකුන් නමින්ද හැඳින්වූ, අදටත් ජීවත් වෙන සිංහල වැදි ජනවර්ගයේ පටන් ගැන්ම. ඊට අමතරව අවුරුදු 2500ක් පැරණි රාජධානි ගැන. අවුරුදු 48,000කටත් පෙර ජීවත් වූ, අතීතයේ ග්‍රහ ලෝක ගවේෂණයේ පවා යෙදුණු, ගුවන් යානා පවා නිෂ්පාදනය කළ ලංකාවේ පළමු ජන වර්ගය; සිංහල යක්ඛ ජන වර්ගය ජීවත් වූ පළාත්වල තවම කැණීම් කරලාවත් නැහැ. නිකාය සංග්‍රහයේ "වත්හිමි බුවනෙකබාහු" නමින් හඳුන්වපු, යාපහුව රාජධානිය කරගත් පලවෙනි බුවනෙකබාහු රජු බොහෝ වස්තු සම්භාරයක් තිබුණු රජෙක්. මේ රාජ සභා මණ්ඩපය ඉඳි කළ, ඔහුගේ පුත් දෙවෙනි බුවනෙකබාහු රජුට ඒ වස්තුව හිමි වෙන්න ඇති. බොහෝ ආක්‍රමණ වලටත් හසු වෙලා, අවුරුදු දහස් ගණනක් ගිහිල්ලත් අදටත් සුරැකිව තියෙන අපේ උරුමය, තාවකාලික රට බාර දුන්නු දේශපාලකයෝ විනාශ කරන කොට අපට වේදනාවක් ඇතිවෙනවා...
ඔබේ සැලකිල්ල මට වැටහෙයි; පුරාවිද්‍යාත්මක නටබුන් පමණක් නොව මුළු රටම එම දූෂිත පාලකයින් විසින් කඩා බිඳ දමන ලදී.
සියලු දේවල් අමතක කරලා අපි හදමු හෝටලයක්... කිං ජොනී-මරා කියලා අපේ අනාගත පරපුරට පෙර කුරුණෑගල රජකරපු විශිෂ්ඨ රජවරු කියලා.