බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ සේවය අත්හිටුවයි මීගමුව බන්ධනාගාරයේ සිදු වී ඇතැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවන ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල මහතාගේ සේවය අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 27 July 2020
කලුතර වැටලීමකින් ලක්ෂයකට අධික හෙරොයින් සොයාගනී කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 July 2020
අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට එම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය හමුවේ අද (27) එකඟතාවය පළ කළේය. 27 July 2020
බදියුදීන්ගෙන් පැය පහක් ප්‍රකාශ ගනී පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවකුගේ කර්මාන්ත ශාලාවකට තඹ ලබාදමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයන්ට ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වවුනියාව ඊට්පෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අද (27) පැය පහක කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටව ගියේය. 27 July 2020
ජාතික ආරක්ෂාවට තර්ජනය වන තොරතුරු දන්වන්න අංක දෙකක් විශේෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම්දීම සදහා පොලිස් මූලස්ථානය විසින් සිට 1997 සහ 1917 යන විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත. 27 July 2020
බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 27 July 2020
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 200 ක්- නිලධාරීන් 20 ක් පී සී ආර් පරීක්ෂණයට ගාල්ල බන්ධනාගාරයේ සිට සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනගිය රැඳවියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 200කගේ සහ නිලධාරින් 20 කගේ පි.සී.ආර්.පරික්ෂණ අද (27) සිදු කිරිමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය. 27 July 2020
රූපවාහිනියක් හිසට පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි නවගමුව දේවාලය අසළ නිවසක රූපවාහිනී රඳවනයක එල්ලී සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියකගේ හිස මතට එම රූපවාහිනිය ඇඳ වැටීමෙන් වූ අනතුරින් ඇය මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 27 July 2020
කාබයිට් ටැංකියක් පිපිරීමෙන් පෑස්සුම් ශිල්පියකු මරුට නවගමුව රණාල කැන්දහේනවත්ත ප්‍රදේශයේ රථවාහන අංගනයකදී වාහනයක පෑස්සුමක් සිදු කරමින් සිටියදී එක්වරම කාබයිට් ටැංකියක් පිපිරී යාමෙන් ඒ අසල පෑස්සුම් කරමින් සිටි පෑස්සුම් ශිල්පියකු අද (27) දහවල්මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 27 July 2020
බදියුදීන්ගේ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද ( 27 ) තීරණය කළේය. 27 July 2020
මුදල් වංචා කළ පස් දෙනෙක් අත්අඩංගුවට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගත ශ්‍රමිකයන්ට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබා දෙන බව පවසා ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් 5 දෙනෙක් කූඨ ලේඛන හා උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි . 27 July 2020
වල්ලපට්ට ජාවාරමක නිතර වූ තිදෙනකු අත්අඩංගුවට රත්නපුර කලවානේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් අපරැක්කට පැමිණ දන්දෙනිය රක්ෂිත වනාන්තරය තුළ වු වල්ලපට්ටා කැපීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් තිදෙනෙකු අද (27) උදෑසන සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මාතර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. 27 July 2020
පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඔක්තෝබර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව දිස්ත්‍රක්ක මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු එන්. ශ්රීනිතී මහතා නියෝග කළේය. 27 July 2020
විදුලිබලය නොමැති නිවෙස්වලට සූර්යබල විදුලි කට්ටල ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති නිවාස සඳහා මහ මැතිවරණයෙන් පසුව නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 July 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 50,000ක් අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 50,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එරට ’’ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’’ පුවත්පත වාර්තා කරයි. 27 July 2020
‘ගැමුණුපුර අබා’ ඇතුළු 7ක් අතුරුගිරියෙන් අල්ලයි අතුරුගිරිය පොලිස් වසම තුළ කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සහ හෙරොයින් සහ ගංජා විකිණීමේ නිතරව සිටි සැකකරුවන් 7දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 27 July 2020
ප්‍රකාශයක් දෙන්න රවී සීඅයිඩියට හිටපු ඇමැති රවී කරුණානායක මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. 27 July 2020
බදියුදීන් වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද(27) උදෑසන වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාවට පැමිණියේය. 27 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 532 ක් ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොරෝනා වයිරස ආසාදිතයෝ 532 ක් හමුවූහ. 27 July 2020
මරණ දඬුවම් නියම වී සිටින ජාවාරම්කරුවන් තිදෙනකු විශේෂ තනි සිරකුටි වලට බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොට්ට නවුෆර් , සියාම් සහ කැමිලස් පිල්ලේ යන මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන් තිදෙනා සහ ගෞතම් නැමැති සැකකරු වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගණයේ සිරකුටිවල රඳවා තැබීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 27 July 2020
නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාමඤ්ඤ නිකායේ අනුනායක පදවියට මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට පත් කිරීමට රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව තීරණය කර ඇත. 27 July 2020
කොරෝනා නිසා ආණ්ඩු කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජනතාව ආණ්ඩු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. 27 July 2020
තවත් ආසාදිතයින් 5 ක් හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 26 July 2020
බැංගලෝරයේ වයිරස ආසාදිත 3,000ක් අතුරුදන් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගත් 3,000කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි බැංගලෝරයේ බලධාරීහු කියති. 26 July 2020
සිරකුටි අසළ වළලා තිබූ දුරකථන 35 ක් සොයාගනී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටි කිහිපයක් අසල භුමියේ වලදමා තිබූ ජංගම දුරකථන 35 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2020
බන්ධනාගාර නියාමක - කංජිපානි ඉම්රාන් සමීප සබඳතා සොයයි බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙකු එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇද්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 26 July 2020
‘‘වතුකරයේ හැමෝටම නිවාස දෙනවා‘‘ වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 July 2020
‘වැඩිම මනාපයෙන් මම දිනනවා’ අගෝස්තු මාසයේ 5 වෙනිදා ජන්ද ප්‍රතිඵලය දැන්ම කියන බව පැවැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන්ද 150,000කට එහා ලබාගෙන වැඩිම මනාපයෙන් තමන් ජයග්‍රහණය කරන බව අද(26) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 26 July 2020
ශරීර අභ්‍යන්තරයේ හෙරොයින් රැගෙන ආ පුද්ගලයකු අල්ලයි කොළඹ සිට පොලොන්නරුවට කලක පටන් ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන හෙරොයින් රැගෙන එන පුද්ගලයකු අද (26) හෙරොයින් පැකට් 22ක් සමඟ පොලොන්නරුව නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 26 July 2020
යතුරුපැදි තරගයක් පැවැත් වූ 36 දෙනාට ඇප පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. 26 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026