
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 12 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (26) පස්වරු 8.30 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2782 කි.
අද වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 665 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2106 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.

=======================================================================================
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
පස්වරු 3.00 පමණ ආසාදිතයින් දෙදෙනෙකු හඳුනගෙන තිබූ අතර මේ වනවිට අද (26) පස්වරු 7.00 වනවිට තවත් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබිණි.
කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි ආසාදිතයින් 4 දෙනෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 3 දෙනෙකු නව ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනාගෙන ඇත.
වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (26) පස්වරු 7.00 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2777 කි.
අද වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 660 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2106 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුවෙන තරමක් අහුවෙන්නෙ රට ඉඳලා එන අය. මේ එන අයගෙන් ලෙඩේ එලියට පැන්නොත් කාටද කියන්නෙ....
අපි ඉන්නේ එමීර් රාජ්‍යයේ.. අපිට මව්බිමට එන්න දුන්නේ නැතිනම් බෝට්ටුවලින් එනවා...