
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය පොලිස් වසම තුළ කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සහ හෙරොයින් සහ ගංජා විකිණීමේ නිතරව සිටි සැකකරුවන් 7දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුව බස්නාහිර පළාතේ කළ විශේෂ මෙහෙයුම සමගාමීව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පිරිසට අමතරව නිවාස බිඳුම් 11 කට සම්බන්ධ බවට ඇඟිලි සලකුණු වාර්තා මගින් සනාථ වී ඇති ‘ගැමුණුපුර අබා’ නැමැති සැකකරු නිවාස බිඳ සොරා ගත් භාණ්ඩ තොගයක්ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd