
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති නිවාස සඳහා මහ මැතිවරණයෙන් පසුව නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙරට දැනට විදුලි බලය නොමැති පවුල් ඇත්තේ 12,500ක් පමණක් බවත් එම නිවාස විදුලිබලය ලබාදීමට සුදුසු තත්ත්වයක නොමැති නිසා සුර්ය විදුලි බල පද්ධතිය බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්දියානු ණය ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි කී ඇමතිවරයා එම වැඩපිළිවෙළ මහමැතිවරණයෙන් පසු ආරම්භ කරන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූර්යබල විදුලිය දුන්නාට පසුව තමයි විදුලිබල මණ්ඩලයෙන් විදුලිය දෙන්නේ... ඊටපසු විදුලි කට්ටල ගලවා වීසිකරනවා. කලින් වතාවකත් මේ දෙය සිදුවුණා.
දැරිය හැකි මිලකට සාමාන්‍ය පවුල්වලටත් සූර්ය බල විදුලිය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙනවා නම් මේ රටේ විදුලිබල අර්බුදයක් ඇති වෙන්නේ නෑ..
පසුගිය රජයෙන් ක්‍රියාත්මක කෙරුණු ගම්පෙරළිය වැනි සංකල්පයක් පුද්ගලික අංශයත් එකතු කරගෙනම කළා නම් තමයි හොඳ...
කොන්දොස්තර මහත්තයාගේ පචවලට අහුවෙන්න එපා. ඕවාට කොහේ තියෙන සල්ලිද කියලා අහන්න. ලබන මාසේ මැද වෙනකොට රටේ මිනිස්සුන්ට කන්න දෙන්නවත් සල්ලි නැතිබව මහා බැංකුවේ නිලධාරියෙක් පවසා තියෙනවා.