
(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටි කිහිපයක් අසල භුමියේ වලදමා තිබූ ජංගම දුරකථන 35 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාරයේ එම් 1 , එම් 2 , ජි 1 , ජි 2 දරණ සිරකුටි ඉදිරිපිට භූමියෙන් පොලිතින් කවරවල බහාලන ලද ජංගම දුරකථන 33 ක්ද සී සිරවාට්ටුව සමීපයේ ඇති භූමියෙන් තවත් ජංගම දුරකථන 2 ක් ද වලදමා තිබියදී සොයාගත් බව එහි ප්‍රකාශකයෙක් කීය.
මෙම සිරකුටි වලින් සී සිරවාට්ටුව හරුණුවිට අනිත් සිරකුටි 4 හි පාතාල හා මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාතාල කල්ලි සමාජිකයින් රැසක් රඳවා සිටින බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට.... ජය වේවා....!
ජනපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර බුද්ධි අංශ වලට, මුහුණටම තර්ජනය කිරීමට තරම් පාතාලයන් හා කුඩු කාරයන් බලවත් වෙලා. කෙසේ වුවත්, ජනපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු සියලූ බලධාරීන් මේ පාතාල හා කුඩු මර්දනයට ගෙනයන වැඩපිළිවෙළ ප්රශංසනීයයි.