
(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙකු එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇද්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
බන්ධනාගාර බුද්ධි අංශ මගින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය සිදු කෙරේ.
පසුගියදා මෙම සැකකාර නියාමකවරයා කංජිපානි ඉම්රාන් නැමැති විශේෂ ගනයේ සිරකරුව රඳවා සිටින විශේෂිත සිරකුටියට ගොස් එම රැඳවියා ඉදිරියේ ඉතාම යටහත් පහත් ආකාරයට හැසිරෙන අයුරු බන්ධනාගාර බුද්ධි අංශ විසින් සීසීටීවී කැමරා ඔස්සේ නීරික්ෂණය කර ඇති අතර පසුව ඒ පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයට ඇයි ආයුද පෙන්නන්න මෙච්චර පරක්කු.?
හරියට වැඩ කලොත් බන්ධනාගාර නියාමකවරයා පමණක් නොවෙයි සමහර දේශපාලකයොත් කංජිපානියට යටහත් පහත් ලෙස කථා කරාවි. අතිගරැ ජනාධිපති, මේ මෙහෙයුම අතරමග නතර කරන්න එපා. අනාගත දරැ පරපුරේ නාමයෙන් ඉවරයක් කරල දෙන්න. ඔබ, ඔබ කෙරෙහිම පමණක් විශ්වාසය තබන්න. මැතිවරණයෙන් පසුව වත් පාර්ලිමේන්තවේ කිසිවෙක් ගැන විශ්වාසය තබන්න එපා. විශේෂයෙන්ම පොහොට්ටුවේ අය ගැන. ඔබට සමීප වෙන්නෙ ඒ අය. එසේ නැතිව වෙන වෙනත් පක්ෂ වල අය නොවෙයි. ඔබ යන ගමන හරි. ඔබ තෝරා ගත් මාර්ගයද හරි. ක්ෂණිකව දියුණු වූ අයගෙ වත්කම් සොයන්න කාර්ය බලකායක් ඇති කරන්න. ඒ සදහ නිර්නාමිකව ලැබෙන පෙත්සම් ගැනත් සොයා බලන්න. ඒ වගේම ඒ සෑම පෙත්සමක්ම ඔබ විසින්ම පුද්ගලිකව අධීක්ෂනය කරන්න. මේ වෙලාවේ ජාතියේ ආගමේ ගැලවුම් කරු ඔබයි. රට වෙනුවෙන් ඔබේ යුතකම ඉහලින්ම ඉටු කරන්න.
අනිවාර්යෙන්ම කංජිපානිගේ මුදල්වලට බන්ධනාගාර නිලධාරියා විකිණෙන්නට ඇති... අපට තිබෙන ප්රශ්නය නම් මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉක්මනින්ම ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන්ද යන්නයි. දූෂිතයන් සිරගත කොට මෙවැනි ස්ථාන වලට යහපත් කල් ක්‍රියාවක් ඇති උගත් තරුණයන් බඳවාගත යුතුයි. අනෙක් කාරණය නම්, රටේ දේශපාලනඥයන් දේශපාලනයට පැමිණීමට පෙර තිබූ වත්කම් බැරකම් හා වත්මන් තත්ත්වය අතර සංසන්දනයක් සිදුකොට සොරා ගත් මුදල් නැවත මහා භාණ්ඩාගාරයට ලබාදීමේ වැඩපිළිවෙලක් ඉක්මනින්ම සිදුවිය යුතුයි. එසේ නැතහොත්, උස් තැන් වැරදි කරන ගමන් පොඩි තැන් නිවැරදි කිරීම කිසිදා කළ නොහැකි දෙයක් වනු ඇත. එබැවින්, පාර්ලිමේන්තුවේ ද සිටින දේශපාලනඥයින්, දේශපාලනයෙන් පසු විශාල ධනවතුන් බවට වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. එය පොදු මහා ජනතාවගේ යහපත පිණිසය.