
( ජයන්ත සමරකෝන්)
බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොට්ට නවුෆර් , සියාම් සහ කැමිලස් පිල්ලේ යන මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන් තිදෙනා සහ ගෞතම් නැමැති සැකකරු වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගණයේ සිරකුටිවල රඳවා තැබීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
ඒ අනුව එම තිදෙනා මේ වන විට පාතාල රැඳවියන් මත්කුඩු ජාවාරම්කරුවන් රඳවා සිටින විශේෂ තනි සිර කුටි 4 ක් දමා වසා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට රිමාන්ඩ් බාරයට පත් කර සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාද එම විශේෂ ගණයේ සිර කුටියක රඳවා ඇති අතර මේ වන විට සිරකුටිවල සිටින සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇතැයිද පැවසේ.
මෙහි තනි සිරකුටි සංඛ්‍යාව 46 ක් බවද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මේ තනි සිරකුටි මදි වෙලා අලුතෙන් හදන්නත් වේවි ඉස්සරහට.
දුමින්දත් ඉන්නවා ඇතිනේ...
ඔය හිස්ව තියන තනි සිර කුටි 14 මෙලහකට පිරිලා යහපාලන ආණ්ඩුව ඔවුන්ට දුන්නු ජනතා වරම හරියට ක්‍රියාත්මක කළා නම්. දැන් උන් ඇල්ලිලි බොරු. රටේ ඉන්න සාධාරණ ජීවිත ගතකරන ජනතාවගේ අවාසනාව.
ජංගම දුරකථන කීපයකුත් දෙන්න තිබුනේ. නැත්නම් එයාලට පාළුවෙන්නේ ඉන්න වෙන්නේ...