ආරක්ෂිතව තේ නිෂ්පාදනයේ පළමුවැනි ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් වතුයායට කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යංශයේ සහතිකය (SLS) ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන්-කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමා තිබේ. 16 August 2020
සුවය ලැබුවෝ 4 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (16) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 213 ක් දක්වා පහළ බැස තිබේ. 16 August 2020
ලක්ෂ තුනක කේරළ ගංජා පුත්තලමේදී පොලිස් බාරයට පුත්තලම කරඹ, නායක්කරචේන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ ගුවන් හමුදා බුද්ධි අංශයේ නිළධාරින් අද (16) කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව කියයි. 16 August 2020
‘රෝගියා පරීක්ෂා නොකර බෙහෙත් වෙනස් කළේ කවුරුන්ද යන්න සොයනවා’ කොරෝනා සමයේ රෝගියා පරීක්ෂාවට ලක් නොකර එතෙක් ලබාදුන් බෙහෙත් වර්ගය වෙනස් කිරීමෙන් අසාත්මිකතාවයක් ඇතිවී ඇතැයි සැකකරන අතර පාසල් සිසුවාගේ දෑස් නොපෙනී යාම සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්දැයි හෙළිකිරිමට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (16) පැවසීය. 16 August 2020
කුරුණෑගල රිමාන්ඩ් සිරිමැදිරියට ආ සැකකරු ළඟින් මත්කුඩු සොයාගනී කෑගල්ල බන්ධනාගාරයට අයත් කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ පිහිටි රිමාන්ඩ් සිරමැදිරියට ගෙන ආ සැකකරුවකු ළඟ සඟවා තිබියදී මත්කුඩු පැකට් දෙකක් , මත්පෙති 8 ක්, එම බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 16 August 2020
මාවා සමඟ තිදෙදෙනක් අත්අඩංගුවට පාසල් සිසුන් හා අමතර පන්ති සිසුන් ඉලක්ක කරගෙන ‘මාවා’ නැමැති මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනෙක් කළුතර ප්‍රදේශ දෙකක දී මාවා කිලෝ අටක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි . 16 August 2020
බාල වයස්කාර දරුවාට දින 45 ක් මුහුද මැදදී දස වධ බාල වයස්කාර දරුවකු නීති විරෝධී ලෙස මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් ඔහු අතින් සිදු වු සුළු අඩු පාඩුවක් හේතුවෙන් එම දරුවාට අතින් පයින් හා දැල් ආම්පන්න වලින් පහර දී දින 45ක් තිස්සේ තිස්සේ මහ මුහුද මැදදී අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් කළ බව කියන මිරිස්සේ බහු දින යාත්‍රාවක ධීවරයින් සිව් දෙනෙකු හා ඊට ආධාර අනුබල දීමේ වරදට එම යාත්‍රාවේ හිමිකරු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි. 16 August 2020
මහමැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට වූ බලපෑම ගැන හොයන්න කමිටුවක් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට මුහුණ දීමට සිදුවූ පසුබෑම පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට ඉලංකයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ. 16 August 2020
කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාවට එස්ටීඑෆ් කණ්ඩායම් හෙට සිට කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් හෙට (17) සිට යෙදවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි. 16 August 2020
මත්තල වී ගබඩා කිරිමෙන් වූ හානිය ගැන වාර්තාවක් ඉල්ලයි යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව හා හානිය පිළිබඳව ගණනය කර වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දුන්නේය. 16 August 2020
හොරෙන් ගෙනා කහ කිලෝ 57 ක් මන්නාරම් කැළෑවකින් සොයා ගනී මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ නීතිවිරෝධීව ඉතා සූක්ෂමව සඟවා තිබූ කහ කිලෝ 57 යි ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි. 16 August 2020
මත්කුඩු ජාවාරම්කාර රැඳවියන් තිදෙනකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කරයි බන්ධනාගාරගතව හිදිමින් පිටත මත්කුඩු ජාවාරමක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාම්කාර රැඳවියන් තිදෙනකු අඟුණකොළපැලැස්ස ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 16 August 2020
රැඳවියකු ගිල දැමූ මත්කුඩු රෝහලේ දී එළියට යාපනය බන්ධනාගාරයට රැගෙන ආ රිමාන්ඩ් සැකකරුවෙකු විසින් ගිල දැමූ මත්කුඩු පැකට් 8 ක් රෝහලේ දී පිටතට ගැනීමට එම බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමත්වී ඇතැයි වාර්තා වේ. 16 August 2020
එළවළු - පළතුරු මත්තලින් රට පටවයි දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිලිවෙලක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා ආරම්භ කර ඇති බවත් ඒ අනුව ප්‍රථම දේශීය එළවළු හා පළතුරු තොගය රැගත් ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළෙන් සිට අද (16) අලුයම ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බවත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසිය. 16 August 2020
දෝනි ක්‍රිකට් පිටියෙන් සමුගනී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන ප්‍රධානම තරගාවලි තුනේදීම ලෝක කුසලාන දිනාගත් එකම නායකයා බවට පත්වූ මහේන්ද්‍ර සිං දෝනි සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබාගන්නා බව අද (15 වැනිදා) නිවේදනය කළේය. 15 August 2020
එස්. පී. බාලසුබ්රමනියම්ට ජීවිතාධාරක යන්ත්‍රයක සහය ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයකු වන එස්. පී. බාලසුබ්රමනියම් මහතා තවදුරටත් ජීවිතාධාරක යන්ත්‍රයක සහාය ඇතිව සිටින නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එස්.පී. බාලසුබ්රමනියම් මහතා කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් චෙන්නායිහි එම්.ජී.එම්. හෙල්ත්කෙයාර් ආයතනයට ඇතුළත් කර තිබේ. 15 August 2020
ඉන්දීය අගමැතිගෙන් චීනයට අනතුරු ඇඟවීමක් ඉන්දියාවේ දේශසීමාවට අත නොතබන්න‘යි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චීනයට අනතුරු ඇඟවීය. අදට (අගෝස්තු 15 වැනිදා) යෙදෙන ඉන්දියාවේ 74 වැනි නිදහස් දිනයේදී ජාතිය අමතමින් ඔහු මෙම අනතුරු ඇඟවීමක් කළේය. සිය ජාතිය ඇමතීමේ කතාවේදී ශක්තිමත් හමුදාවක් ගොඩනැගීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු විය. 15 August 2020
ඖෂධ ආලේපන කැවී දරුවකු මරුට ඖෂධ ආලේපන වර්ගයක් ශරීර ගතවීමෙන් තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ වයස අවුරුදු 2ක කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 15 August 2020
යාන්ත්‍රික කියතකින් කැපීමෙන් දෙදෙනකුට තුවාල නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. 15 August 2020
බන්ධනාගාර නිලධාරින් 15 ක සේවය අත්හිටුවයි විවිධ චෝදනා යටතේ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 14 August 2020
ඉන්හේලර් - ස්ප්‍රේ භාවිතා කර මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පතුරුවති කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 14 August 2020
නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ගේ උපයාගත් දේපළ රාජසන්ත කරන්න යයි මහාපරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් උපයාගත් දේපළ හා මුදල් ඉදිරියේ මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (14) පැවසීය. 14 August 2020
‘මන්ත්‍රී ධූර තිබුණත් නැතත් ජනතාව වෙනුවෙන් කැපවෙනවා’ මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ දී අද (14) පැවසූහ. 14 August 2020
අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙරට දී ඩීඑන්ඒ පරීක්ෂණයක් ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධ ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සදහා එම පරීක්ෂණයට අවශ්‍ය ඇගිලි සළකුණු ඇතුළු ඩීඑන්ඒ සාම්පල් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 14 August 2020
දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක වී තිබේ. 14 August 2020
වෛද්‍ය සීතා අරඹේපොළ රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (14) එම අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තාය. 14 August 2020
ස්විස් කුමාර් නිදහස් කළේ පොලිස් පරීක්ෂක ශ්‍රීධරන් විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී ධරන් නැමැති නිලධාරීයා බව සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (14) පැවසීය. 14 August 2020
රාජාංගණයේ ගුරු-සිසු 56 සහ ගැමියෝ 40 ක් නිරෝධායනයට කොරෝනා ආසාදනය වී සිටින රාජාංගණය යාය පහ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා ඉගෙනුම ලබන පාසලේ සිසුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පාලිත බණ්ඩාර මහතා අද (14) පැවසිය. 14 August 2020
නකල්ස්හි පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණයට අත්පත්කරගනී නකලස් පාරිසරික ආරක්ෂණ කලාපයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 1600ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය. 14 August 2020
සඳුදා සිට සරසවි යළි ඇරැඹේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 14 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026