අරුන්දික ප්‍රනාන්දු අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි නව රජයේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද(17 ) සිදුකෙරිණ. 18 August 2020
අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම් වැඩ බාරගනී අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා කොළඹ අධිකරණ අමාත්‍යාංශයේදි අද (17) සිය ධූරයේ වැඩ බාරගත්තේය. 18 August 2020
විදුලිබල රාජ්‍ය ඇමැති වැඩ බාරගනී නව රජයේ විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යාංශයේ දී අද (18 ) සිදුකෙරිණි. 18 August 2020
මුලතිව් මහරෝහලට වෛද්‍යවරුන් ඉල්ලා උද්ඝෝෂණයක් මුලතිව් මහරෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට වහාම විසඳුම් ඉල්ලා අද (18) රෝහල් සුබ සාධක සංගමය හා ප්‍රදේශවාසීහු පිරිසක් මහරෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹුහ. 18 August 2020
මීගමුව බන්ධනාගාරයේදී රැඳවියකු හදිසියේ මිය ගිහින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසා නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු රාත්‍රි බන්ධනාගාරය තුළ දී මියගිය බව මිගමුව බන්ධනාගාර නිලධාරීන් අද(18) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා වෙත කරුණු වාර්තා කළේය. 18 August 2020
සංගීතඥ පණ්ඩිත් ජස්රාජ් අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයකු වූ පණ්ඩිත් ජස්රාජ් මහතා ඇමෙරිකාවේදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. 18 August 2020
සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර 20 වැනිදායින් ඇරැඹෙයි ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය 20 දා කප් සිටුවීමෙන් ආරම්භ වන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසුවේය. 18 August 2020
කුඩු ජාවාරමුන්ගේ කෝටි 75 ක් බැංකුවල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පරෙයි සුදා” මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 75කට අධික මුදලක් බැංකු ගිණුම්වල පවත්වාගෙන ගිය සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඉදිරියේ ඊයේ (17) කරුණු වාර්තා කළේය. 18 August 2020
දොම්පේ පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය අයෙක් දැලේ දොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 18 August 2020
දේශපාලන හයියට නීතිය යට කරනු එපා අලුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු පසුගිය දින කිහිපය තුළදී සිය රාජකාරි මහත් උද්යෝගයකින් ඇරැඹූහ. නෑදෑ හිතවතුන් සහ සෙසු සහෝදර මැති ඇමැතිවරුන් පිරිවරාගෙන සෙත් පිරිත් සජ්ඣායනා මැද සමහරුන් වැඩ ඇරැඹූ අතර තවත් කිහිපදෙනකු ඒ සඳහා වෙනත් ස්ථාන තෝරාගෙන තිබිණි. මේ අතරේ අමුතුම ක්‍රමයකට වැඩ ඇල්ලූ දේශපාලන බලවතකු පිළිබඳව වාර්තා වී තිබුණේ රජරට පළාතෙනි. 18 August 2020
නොරොච්චෝලේ විදුලි සැපයුම යථා තත්වයට එන්න දින 4ක් නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම නැවති ඇති බවත් එය යථා තත්වයට පත්වීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. 18 August 2020
කෝටි 100ක ව්‍යාජ මුදල් නෝට්ටු අල්ලයි රුපියල් කෝටි 100ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 18 August 2020
තොණ්ඩමන්ගේ වැවන්ඩන් තේ වතුයායේ නිවස ගින්නකින් විනාශයි අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත්ව තිබූ, කොත්මලේ පොලිස් වසමේ, වැවන්ඩන් තේ වතුයායේ පිහිටි නිවස අද (18) අලුයම හටගත් ගින්නකින් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව පොලීසිය පවසයි. 18 August 2020
වැලිගෙපොල පොලිසියේ භට නිවාස ගිනි ගනී වැලිගෙපොල පොලිසියේ පෙරනිමි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පොලිස් භට නිවාසය (බැරක්කය) හා එයට යාබඳව පිහිටි පොලිස් ස්ථානාධිපති වරයාගේ කාමරය ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශයට පත්වී ඇත. 18 August 2020
ලංකාවට වියට්නාමයෙන් මිලියන 5 ක වෛද්‍ය උපකරණ තොගයක් කොරෝනා වසංගතය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම වෙනුවෙන් වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 30.000 (රුපියල් මිලියන 5 කට) වැඩි වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේය. 17 August 2020
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැඩ අරඹයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ජගත් පී. විජේවීර මහතා අද (17) කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කළේය. 17 August 2020
ලක්ෂ හතරක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීතිවිරෝධී අයුරින් තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ බව කියන රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 17 August 2020
අංගොඩ ලොක්කාට එරෙහිව පැමිණිලි තුනක් ඉන්දියාවේ දී ඝාතනයට ලක්වූ බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නැමැත්තා බලහත්කාරයෙන් තම ඉඩම් ලියා ගත්තැයි පවසා එම ඉඩම් හිමිකරුවන් ගෙන් මේ වන විට පැමිණිලි තුනක් ලැබී ඇතැයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 17 August 2020
විදෙස්ගතව සිට පැමිණි 7 දෙනෙකුට කොරෝනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු සහ ඕමාන් සිට පැමිණි දෙදෙනෙකු කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගෙන තිබේ. 17 August 2020
දිනේෂ්ට - ජොන්ස්ටන්ට පාර්ලිමේන්තුවේ තනතුරු විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ණ මහතා පාර්ලිමෙන්තුවේ සභානායක ලෙසද මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. 17 August 2020
අගමැති නිවාස අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි නව රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) කොළඹ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කෙරිණි. 17 August 2020
වෙළඳපලේ අලෙවිවන කහ කුඩුවල පාන්පිටි - වර්ණක වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩු බහුතරයකට පාන් පිටි , සහල් පිටි සහ වර්ණක ආදිය මිශ්‍ර කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරීක්ෂාවක දී හෙළි වී තිබේ. 17 August 2020
පරණ පෙම්වතාට පාඩමක් උගන්වන්න ගිය අලුත් පෙම්වතා ඇතුළු පිරිස රිමාන්ඩ් තම ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා පැරණි පෙම්වතා ගෙන්වා ගෙන අලුත් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව පැරණි පෙම්වතාව තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කරන ලද පෙම්වතිය සහ සැකකරුවන් තිදෙනකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා (17) නියම කළේය. 17 August 2020
‘‘ව්‍යවස්ථාවට - ජනතාවට අබමල් රේණුවක වරදක් කරන්නේ නෑ‘‘ ව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සිය ධූරයේ වැඩ බාරගමින් අද (17) පැවසීය. 17 August 2020
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ , රසායනාගාරයේ තවත් සේවකයෙකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය , හොරෙයින් මත්කුඩු හා යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි. 17 August 2020
පැය එකහමාරකින් රටටම විදුලි සපයන බව ඇමැති කියයි රට පුරා විදුලි සැපයුම තව පැය එක හමාරකින් පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 17 August 2020
විදුලිය ලැබුණු සැණින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කළ නොහැකියි විදුලි බිඳ වැටීම හේතුවෙන් ජල සැපයුමට බාධා වූ ප්‍රදේශවල ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට විදුලිය ලැබීමෙන් පසු පැය 3 ත් 5 ත් අතර කාලයක් ගතවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 17 August 2020
විදුලිය බිඳවැටීම සියයට 75 ක් යථා තත්වයට කෙරවළපිටිය විදුලි බලාගාරයේ උප පොළක සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද(17) දහවල් කාලයේ සිට රට පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%ක් පමණ යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි. 17 August 2020
විදුලි බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක් දිවයින පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීමට හේතු සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී තිබේ. 17 August 2020
බදියුදීන්ගේ පෞද්ගලික අමාත්‍ය විවේකාගාරය ඉවත්කරන්නැයි උපදෙස් හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ වෝක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ පිහිටි සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරය වහාම ඉවත්කරන ලෙස නව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලගුණවර්ධන මහතා එහි නිලධාරීන්ට අද(17) උපදෙස් දුන්නේය. 17 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026