
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කෙරවළපිටිය විදුලි බලාගාරයේ උප පොළක සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද(17) දහවල් කාලයේ සිට රට පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%ක් පමණ යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
රට පුරා සිදුවූ විදුලි බිඳවැටීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
නොරොච්චෝලේ මෙගාවොට් 900ක විදුලි ධාරිතාව ගමන්කරන්නේද, කෙළවරපිටිය මෙගාවොට් 300ක ධාරිතාව ගමන්කරන්නේද, කෙළවර පිටිය විදුලි බලාගාරයේ ග්‍රිඩ් උප පොළ හරහා බව පවසන සභාපතිවරයා, ප්‍රධාන විදුලි බලාගාරවල විදුලි ධාරිතාව මෙගාවොට් 1100ක් පමණ නැතිවූ විට අනෙක් විදුලි බලාගාර, එම ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදිය නොහැකිවීමෙන් විදුලිය ඇණ හිටින බව පැවසීය. අද දිනයේදී සිදුව ඇත්තේ ද එවැන්නක් බව සඳහන් කළ ඔහු මේ හේතුවෙන් ලංකාව පුරා සමස්ත විදුලි බලාගාරවල විදුලිය විසන්ධි වී ඇතැයි විස්තර කළේය.
විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමේ කටයුත්තේදී, පළමුව ජල විදුලි බලාගාර සියල්ල පණ ගන්වන බවද, අනතුරුව කැලණිතිස්ස ඇතුළු සෙසු විදුලි බලාගාර සිය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ වනවිට කොළඹ ප්‍රදේශ කිහිපයක, දකුණ පළාතේ සහ කුරුණෑගල යන ප්‍රදේශවලට විදුලිය සැපයුම් යථා තත්වයට පත්ව තිබෙන අතර, තවදුරටත් පිළිසකර කිරීමෙහි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද, ඒ අතරතුර නැවතත් විදුලි විසන්ධි වීම් සිදුවන බවද ඒ මහතා පැවසීය.
මෑතකදී, රටේ ම විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇත්තේ, 2016දී බවද හේරත් මහතා සඳහන් කළේය. මෙසේ රට පුරා විදුලිය බිඳවැටීම කලාතුරකින් සිදුවන තත්වයක් බැවින්ද, සියලු විදුලි බලාගාරවල ඉංජිනේරුවරුන් සහ විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය එක්ව විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කිරීමට වෑයම්කරමින් සිටින බැවින් ද ඉවසීමෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.
කෙසේවෙතත්, විදුලි බිඳවැටීම හේතුවෙන් මහජනතාවට සිදුව ඇති අපහසුතාවය පිළිබඳව විදුලි බල මණ්ඩලය ද කනගාටුව පළකර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරුව නම් ලොකුයි...
ලයිට් නැතෝ!!! ඒ වුණාට අපේ පුරුදු ලාම්පු කුප්පිය අපට හොඳයි.. ලංකාවේ මොන්ටිසෝරි ඉංජිනේරුවෝ ඊටත් වඩා හරිම හොඳයි.. අපිට දැන් ජාතික ආරක්ෂාව තියන නිසා ලයිට් නැතත් කමක් නැහැ. මේ විදිහ හොඳටම හොඳයි...
මෙවැනි රටපුරා විදුලිය බිඳ වැටීම් රටේ ආරක්ෂාවට ඒ තරම් හොඳ දෙයක් කියා සිතන්නට නම් බැහැ. වැරදි අඩුපාඩු සිදුවෙනවා. එහෙත් මෙවන් දේ සිදුවීම නම් රටේ සිදු නොවීය යුතු දේවල්. විදුලිය බිඳ වැටීම නිසාදෝ මන්දා ඊයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන් අඩංගු බෝඩ් ක්‍රියා කළේ නැහැ. බොහෝ මිනිසුන් දුම්රිය වේලාවන් දැනගන්න සැමතැන ඇවිද ගියා. "අපිට ඕවා කියකියා ඉන්න වෙලාවක් නැහැ. දුම්රිය සේවකයන් කිව්වා. විමසීම් කවුන්ටරයට යන්න. තවත් සේවකයෙකු කිව්වා. විමසීම් කවුන්ටරයට ගියා. වෙලාවට එ්කත් වහලා. දැන් ඉතින් මොනවා කරන්නද? ටිකට් කවුන්ටර්වල සමහර නිලධාරින් මගීන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නත්, සමහර උඩඟු නිලධාරීන් මගීන්ට තම මුහුණු පෙන්නුවා. මා ඇතුළු සමහර දෙනා බසයෙන් ගමන් ගියා. මෙවැනි වේලාවක හෝ විමසීම් කවුන්ටරය විවෘත කර තැබීමට දුම්රිය බලධාරින්ට වුවමනාවක් තිබුණේ නැහැ. අඩුම තරමේ ඒ සඳහා සේවකයෙකු හෝ යෙදවීමට වුවමනාවන් තිබුණේ නැහැ. මේ අනුව බලනවිට දුම්රිය සේවය පිරිහීම පුදුමයක් නම් නොවෙයි...
පෙර දවසක බසයකට 18 දෙනෙක්? අද එක විදුලි කණුවට 8 දෙනෙක්? මේ සේවයට බඳවා ගත්තේ කවුරුන්ද? අනියම් සේවයේ රැකියා ලබාදුන්නේ පසුව වැඩ වර්ජනයට යොමු කළේ කවුද? කෝටි ගණන් පාඩු ලබද්දී 100ට 100 ක් වැටුප් වැඩ කොර ගත්තේ කවුද? මුදල් නැතිව සම්ප්‍රේෂණ පද්ධති දියුණු කරන්නේ කොහොමද? ජනපති මඬුල්ල දැන් කරලා පෙන්නන්නකෝ..?
ඩලස් දාලා විදුලිය ගියාට කළල්ගොඩ අපිට රෑ 7 වෙනවිට විදුලිය ලැබුණා.