‘‘තෙල් මිලේ බර ජනතාවට නොදී රජය භාර ගන්නවා‘‘ තෙල් මිල ස්ථාවර අගයක තබාගැනීමට කටයුතු කරන බවත් ලෝක වෙළඳ පොළේ තෙල් මිල වෙනස් වන ආකාරයට රටේ තෙල් මිල වෙනස් නොකරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 17 August 2020
අධිකරණ කැබිනට් ඇමැති වැඩ අරඹයි නව රජයේ අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා අළුත්කඩේ අධිකරන සංකීර්නයේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේදී අද(17 ) සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. 17 August 2020
රට පුරා විදුලිය බිඳ වැටීමෙන් කටයුතු රැසකට බාධා කෙරවලපිටිය විදුලි බලාගාරයේ ග්‍රිඩ් උපපොලක සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම හේතුවෙන් කටයුතු රැසකට බාධා එල්ල වී ඇත. 17 August 2020
‘මුලින් ගෙන්වන්නේ ලියාපදිංචි වූ අයයි’ කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී ලියාපදිංචි වී විදේශ රැකියාවලට ගිය අයට ප්‍රමුඛත්වය දෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 17 August 2020
රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි වැඩ අරඹයි නව රජයේ දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස සිසිර ජයකොඩි මහතා එම ධූරයේ වැඩ බාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි. 17 August 2020
වැවිලි ඇමැති රමේෂ් පතිරණ වැඩ අරඹයි නව රජයේ වැවිලි අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා එම ධූරයේ වැඩ බාර ගැනීම වැවිලි අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි. 17 August 2020
ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධීව වැඩ තහනමකට ලක්කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී ලෙස බව දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(17) පැවසීය. 17 August 2020
ව්‍යාජ අංක තහඩු සහිත වාහන දෙකක් ව්‍යාපාරික ස්ථානයකින් සොයාගනී ව්‍යජ අංක තහඩු සහිත වාහන දෙකක් ව්‍යපාරික ස්ථානයක තිබී අද (17) පස්වරුවේදී සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පින්නවල පොලිසිය පවසයි. 17 August 2020
රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න වැඩ අරඹයි නව රජයේ විදේශ රැකියා ප්‍රවර්ධන ,මුදල් ප්‍රග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රියංකර ජයරත්න මහතා එම ධූරයේ වැඩ බාරගැනීම කම්කරු අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි. 17 August 2020
‘පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම කණගාටුයි‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කණගාටුවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹදි අද(17) පැවසීය. 17 August 2020
දයාසිරි රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ බාරගනී නව රජයේ බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) එම අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේය. 17 August 2020
‘වසර එකහමාරකට කහ පිටරටින් ගෙන්වන්න යයි’ ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැතිකිරීම සඳහා වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 17 August 2020
තවත් 6ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 August 2020
ශ්‍රී ලංකාව-මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරැඹිමට දෙරටේ අවධානය ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් අවධානය යොමු කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 17 August 2020
බුද්ධශාසන ඇමැති ධුරයේ මහින්ද වැඩ අරඹයි නව රජයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි අද(17) සිය ධූරයේ වැඩ බාරගත්තේය. 17 August 2020
බලශක්ති ඇමැති ගම්මන්පිල වැඩ අරඹයි නව රජයේ බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ උදය ගම්මන්පිළ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 7, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි. 17 August 2020
චමල් රාජපක්ෂ අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි නව රජයේ ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා එම අමාත්‍යංශයේ වැඩ භාර ගැනීම කොළඹ මහවැලි අමාත්‍යංශයේදි අද (17) සිදු කෙරිණි. 17 August 2020
කර්මාන්ත ඇමැති වැඩ බාරගනී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී අද(17) සුබ මොහොතින් නිල ලේඛනවලට අත්සන් තබමින් සිය ධූරයේ වැඩ බාරගත්තේය. 17 August 2020
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එස්ටීඑෆ් අනුඛණ්ඩය බාර නිලධාරියාට ස්ථාන මාරු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පොලිස් විශේෂ කාර්ය බලකා අනුඛණ්ඩය බාර ප්‍රධානියා වහාම ක්‍රියාත්මක වනපරිදි යාපනයට මාරු කර යවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2020
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ලක්ෂ 3ක හෙරොයින් සමඟ දැලේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 17 August 2020
මන්ත්‍රීවරියකගේ ආධාරකරුවන් පිරිසක් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් රෝහලේ පල්ලෙවෙල වේරගොඩ මාර්ගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ සිටි ආධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (16) රාත්‍රී වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වේයන්ගොඩ පොලිසිය පැවසීය. 17 August 2020
විදේශ ලේකම් ආචාර්ය කොළඹගේ වැඩ බාරගනී අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඉකුත් දා (14) රාජකාරි ආරම්භ කළේය. 16 August 2020
රවිනාථ ආර්යසිංහ නැවත විදේශ සේවයට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා නැවත වරක් විදේශ සේවයට අනුයුක්ත කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 August 2020
භික්ෂූන් වහන්සේලාට ශාසනයට වඩා වටින්නේ ආසනයයි ‘‘අපි මුල ඉදලම කිව්වා බුද්ධ පුත්‍රයන්ට කතිරයෙන් උපස්ථාන කරන්න එපා කියලා.ඒ අයට ශාසනයට වඩා වටින්නේ ආසනය. හැබැයි එක ආසනයක්වත් ගන්න පුළුවන් වෙන විදිහට කතිරයෙන් මෙවර ජනතාව උදව් කරල තිබුණෙ නැහැ. හැම දිස්ත්‍රික්කයකින්ම අහුල ගත්ත ඡන්ද හැටහත්දාහකින් පමණ එක මන්ත්‍රීධූරයක් ලැබිලා තිබෙනවා. මා දන්නා තරමට ත්‍රි පුද්ගල හෝ සිව් පුද්ගල සටනක් ක්‍රියාත්මක වෙනවා එම මන්ත්‍රීධූරය ලබා ගන්න හරිම කණගාටුයි. මන්ත්‍රී ආසනයකට මේ අය කුලල් කා ගන්නවා‘‘ යැයි මිහින්තලේ රජ මහ විහා 16 August 2020
අයවැයක් ද අතුරු සම්මත ගිණුමක්ද තීරණය ලබන බදාදා නව රජය පත්වීමත් සමඟ ඉදිරි කාලය සඳහා අයවැයක් ඉදිරිපත් කරනවාද එසේ නැතිනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ තීරණය ලබන බදාදා රැස්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලබන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 16 August 2020
හොර වීසා බලපත්‍රයකින් ඉතාලි යන්න ගිය තරුණියකට වැඩවරදී ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2020
ඊශ්‍රායලයේ සිටින 320 ක් ගෙදර එන්න ගුවන් යානයක් ඉල්ලති ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයේ රැඳී සිටින 320 කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසට මෙරටට පැමිණීම සඳහා ගුවන් යානයක් ලබා දෙන්නැයි එම පිරිස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටිති. 16 August 2020
බාල වයස්කාර දරුවාට මුහුද මැදදී වධ හිංසා දුන් පිරිස රිමාන්ඩ් බාල වයස්කාර පිරිමි දරුවෙකු මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් දින 45 ක් මහ මුහුද මැදදී එම දරුවාට අමානුෂික ලෙස පහර දී වධ හිංසාවන්ට ලක් කළ බහු දින යාත්‍රාවේ ධීවරයින් සිව් දෙනා හා ඊට ආධාර අනුබල දුන් එම යාත්‍රාවේ හිමිකරු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ පාලිත හෙට්ටිආරච්චි මහතා අද (16) නියෝග කළේය. 16 August 2020
පළාත් සභා මැතිවරණය තෙක් රනිල් මුල් පුටුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වන්නේ එළඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසුව බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මහතා ඊයේ ප්‍රකාශ කළේය. 16 August 2020
දූෂිත නොවන මැතිවරණ ක්‍රමයක් තිබුණා නම් 1977 ට පෙර යුගයයි නව රජයේ ප්‍රමුඛතාවන් අතර 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පමණක් නොව 13 වන ව්‍යවස්ථාව හා 17 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් තිබිය යුතුම යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය. 16 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026