
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පල්ලෙවෙල වේරගොඩ මාර්ගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ සිටි ආධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (16) රාත්‍රී වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වේයන්ගොඩ පොලිසිය පැවසීය.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පිළිගැනීමේ උත්සවයක් කුඹල්ඔලුව ප්‍රදේශයේ පැවති බවත් එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඊට බාධා කර ඇති බවත් පොලිසිය පැවසීය.
මන්ත්‍රීවරිය ඇතුළු පිරිස පිටව යන අවස්ථාවේදී පළමුව පැමිණි පුද්ගලයා තවත් අයකු සමඟ මහා මාර්ගයේදී මන්ත්‍රීවරියගේ ගමනට බාධා කළ අවස්ථාවේ මෙම සිදුවීම සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
තමන්ට සිදු වූ බාධා කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියද වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නම කියන්නේ නැත්තේ? මහජනතාවගේ කතිරෙන් ආපු කෙනෙක්... කරුණාකර ජනතාවට දැනගන්න ඉඩදෙන්න...
මහජන නියෝජිතයින් ලෙස මෙහෙම දැන්මම හැසිරීම ගැන කණගාටුයි.. මොන පක්ෂෙ එක්ක දින්නත්, දැන් මොවුන් පළාතේ සියලු ජනතාව නියෝජනය කරන, තග්ස් නැතිව සාමකාමීව ඔලුව ඇතිව හොඳින් වැඩ කරන්න ඕනේ, මෙක ලැජ්ජාවට කරුණක්..
දැන් පටන්ගත්තා විතරයි ඈ.
මන්ත්‍රිවරිය කියලා බැහැ. නමත් දාන්න. ඇයි බය? මෙවැනි අය ගැන ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනෑ. කවුරු වුණත් කමක් නැහැ. පහර දීපු අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. බාධා කළා නම් ඒකට පොලිසිය ඉන්නවා. අනෙක් අයට අතදාන්න අයිතියක් නැහැ.
බොහොම හොඳයි. රාජ්‍ය පාලනයට හෝ පාලකයින්ට විරුද්ධ වෙන අයගේ හිස් ඔලු ගෙඩි පලලා වැඩක් නැහැ.