
(ක්රිෂාන් ජීවක ජයරුක්)
බාල වයස්කාර පිරිමි දරුවෙකු මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් දින 45 ක් මහ මුහුද මැදදී එම දරුවාට අමානුෂික ලෙස පහර දී වධ හිංසාවන්ට ලක් කළ බහු දින යාත්රාවේ ධීවරයින් සිව් දෙනා හා ඊට ආධාර අනුබල දුන් එම යාත්රාවේ හිමිකරු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්රාත් හා නීතිඥ පාලිත හෙට්ටිආරච්චි මහතා අද (16) නියෝග කළේය.
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මිරිස්ස බණ්ඩරමුල්ලේ පදිංචි ධීවරයින් පිරිසකි.
මෙම දරුවාගෙන් සිදුවූ අඩු පාඩු වලදී හා වැඩිපුර ආහාර ලබා ගැනීම හේතුවෙන් අමානුෂික ලෙස අතින් පයින් හා දැල් ආම්පන්න ඇතුළු උපකරණ වලින් පහර දී තිබෙන බව පොලිසිය වැඩබලන මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් මොවුන්ට දිය යුතුයි.
එහෙදී මෙයාලාට මේ වගේ 10ගුණයක් ලැබේවි... බයවෙන්න දෙයක් නෑ...
මාළු කාරයින් කියන්නේ නිකන්ද?
මාළු අල්ලන්නන්ගේ සහ ගොවියාගේ වෙනස ඕකයි.