IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


‘වසර එකහමාරකට කහ පිටරටින් ගෙන්වන්න යයි’


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැතිකිරීම සඳහා  වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
 
කහ කිලෝවක් රුපියල් 700ට වැඩියෙන් අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිය ක්‍රියාත්මක කර පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා මෙසේද පැවසීය.
 
“මේ රටේ කහ හිඟයක් තියනවා. ඒ හිඟය නැති කිරීමට අපි අවුරුදු එකහමාරක් තුළ රටේ කහ වගා කරනවා. එතකන් රටට අවශ්‍ය ප්‍රමාණයට වුවමනා කහ රටින් ගේන්න ඉඩ දෙනවා. මොනම හේතුවක් මතවත් ඉස්සර වගේ ඕනෑතරම් කහ පිටරටින් ගේන්න ඉඩ දෙන්නේ නෑ. ඕනෑ තරම් ගේන්න ඉඩ දීලා තමයි මේ රටේ සුලු අපනයන බෝග ගොවියා නැත්තටම නැති වුණේ. අපේ රටට අවශ්‍ය ප්‍රමාණය නැතිනම් අඩුව ගේන්න ඉඩ දෙනවා.
 
ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා එතුමාගේ අවසරය ඇතිවයි ඊට ඉඩදෙන්නේ. කොහොම නමුත් රටට අවශ්‍ය කහ ඇතුලු සුලු අපනයන බෝග රට තුළම වගා කිරීමේ වැඩපිළිවෙළ වහාම ආරම්භ කරනවා. අවුරුදු එක හමාරක් ඇතුළත රටට අවශ්‍ය කහවලින් රට ස්වයං පෝෂිත කරනවා.
 
කහ තියනවා. කහ හංගාගෙන ඉන්නවා වැඩි මිලට විකුණන්න. පාරිභෝගික අධිකාරියට කියලා තියනවා මේ හංගලා තිය කහ තොග ගැන සොයා බලන්න කියලා. පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන කිසිම දෙයක් අපි කරන්නේ නෑ. කහ විකිණිය යුත්තේ රුපියල් 700ටයි. ඊට  වැඩියෙන් කහ විකුණුවොත් පාරිභෝගික අධිකාරි පනත යටතේ කටයුතු කරනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (18)

‘වසර එකහමාරකට කහ පිටරටින් ගෙන්වන්න යයි’

jaye Monday, 17 August 2020 09:05 AM

අපේ ළමයින්ගේ අධ්‍යාපනය අවුරුදු එක හමාරකින් ඉවර (දියුණු) කරන්න පුලුවන්ද?

:       0       0

RR Monday, 17 August 2020 09:12 AM

මොන බොරූද.. කහ කිලෝවක් රූපියල් 5000යි. 50g ක් රූපියල් 250 යි.

:       0       7

thusitha Monday, 17 August 2020 09:42 AM

ඇති යන්තම් දැන්වත් මොලේ පෑදුණා මේ තීරණය මෙච්චර ප්‍රමාද වුණේ ඇයි. පිටරටින් ආනයනය නවත්තපු එක හොඳයි ඒත් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගිකයා දුක් විඳිනවා නම් තේරුමක් නැහැ. පාලන මිල කෙසේවෙතත් ගිනි ගනන් වලට තමයි තියෙන කහ අලෙවි වෙන්නේ ඒවායේ ප්‍රමිතිය ගැන කිසිම සහතිකයක් නැහැ මෙය ඉතාමත් හොඳ තීරණයක්..

:       134       236

දිමුත් Monday, 17 August 2020 09:57 AM

කතාව වගේම වැඩෙත් වුනානම් හොඳයි.

:       137       180

de silva Monday, 17 August 2020 10:17 AM

කහ රටින් ගෙන්වන එක එකවර තහනම් නොකර මේ පියවර දැනට මාස 3කට කලින් ගත්තානම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ.?

:       138       203

thilakMonday, 17 August 2020 11:07 AM

මොකද්ද එකක් බර වුනාම නේ පිට්ටනි හොයන්නේ....

:       2       108

lankaputha Monday, 17 August 2020 10:21 AM

කහ තියෙනවා සුපර්මාකට්වල ඔර්ගනික් කහ 50g රුපියල් 600 ක්. පුලුවන්නම් අල්ලන්න.

:       0       43

Nihal Monday, 17 August 2020 02:15 PM

අපෝ බෑ. සාමාන්‍ය කඩ තමයි පාරිභෝගික අධිකාරිය ඉලක්ක කරන්නේ...

:       0       7

nuwan Monday, 17 August 2020 10:33 AM

බොරුවට අවුරුද්දට සැරයක් කුඹුරකට බැහැලා මාධ්‍ය සංදර්ශනය.

:       99       366

Wimale Monday, 17 August 2020 11:39 AM

මිරිස්කුඩු හිඟයකුත් තියෙනවා නේද?

:       0       0

jhon22 Monday, 17 August 2020 12:22 PM

කහ, ඉඟුරු වලට හොඳ මිලක් ලෝක වෙළඳපලෙනුත් ලැබෙනවා. ඇයි අපි කහ, ඉඟුරු ලංකාවේ වවන්නේ නැත්තේ? අපේ රටේ මේ පැළෑටි හැමතැනම වවාගන්න පුළුවන්. ලෝකයේ හුඟක් නිෂ්පාදන වලට... කහ ඉඟුරු නැතිවම බැරි දෙයක්...

:       0       3

බද්රානි Monday, 17 August 2020 01:28 PM

ඇත්තමයි මේ අපේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නැතත්, නැති එකමයි ඉල්ලන්නේ.. හරියට අර, කොච්චර තණකොළ තිබුණත්, හරක් පුන්නක්කුම කන්න හොයනවා වගෙයි. සමහර විට ක්ෂීරපායි සත්තුන්ගේ පැවත එන ජානමය තත්වයක් වෙන්න ඇති ඒ...

:       1       0

darshana piyathilake Monday, 17 August 2020 02:10 PM

ලංකාවේ වගාකරන්න පුළුවන් කම තියෙද්දි සුළුවෙන් හෝ පිටරටින් ගෙනෙන එකට විරුද්ධයි. මොකද කහ නැතුව මිනිස්සු මැරෙන්නෙ නැහැනේ..

:       1       19

BamunuarachchiWednesday, 19 August 2020 04:44 AM

කතාව ඇත්ත, නමුත් අපේ කහ අස්වැන්න ලැබෙන කාලෙට ආනයනය නැවැත්තුවා නම් තමයි හොඳ... ආනයනය නවත්වන කහ, සුදුළූණු, වැනි බෝග වැවෙන පළාත් සොයාබලා අක්කර සිය ගණනින් වගාවම කරවන්න ආධාර දෙන්න. එම පළාත්වල ගොවියාට සිතෙන සිතෙන වගාවන් කිරීමට ඉඩ නොදිය යුතුය. මෙය කෘෂිකර්ම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කළ යුතුය.

:       0       1

නවරත්න Monday, 17 August 2020 08:42 PM

ඡන්දෙට කලින් නම් කිව්ව හැටි අපිට නම් මතකයි. හැට නව ලක්ෂයට ලැබෙන අපමණ අගයට අපේ උපහාරය.

:       6       9

de silva Tuesday, 18 August 2020 06:49 PM

පාරිභෝගිකයා හාමතේ සිටියත් ගොවියා ආරක්ෂා කරන්න ඕනේ...

:       0       0

Bamunuarachchi Wednesday, 19 August 2020 03:04 AM

පුදපු ගමන් කාපි යකා කිව්වලු... පටන්ගත්ත ගමන් වරද්දා ගත්තා.

:       0       0

lakvidu Friday, 21 August 2020 04:00 AM

අනේ ඉතින් කවුරු මොනවා කළත්, අපිට තියෙන්නේ කහ කහ බලාගෙන ඉන්න එක තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 299 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 269 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 110 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි
2025 මැයි මස 03 470 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව


ජනපති වියට්නාමයට
2025 මැයි මස 03 356 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය


ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර
2025 මැයි මස 03 384 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 567 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site