
(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණිය හලාවත කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.
කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දෝහා බලා පිටත්ව යාම සඳහා මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ගුවන් තොටුපළ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි මෙම තරුණිය ඉදිරිපත් කළ ඉතාලියට ඇතුළු වීම සඳහා නිකුත් කර තිබූ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවයේ නිලධාරීන්
මෙම ලියකියවිලි වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා ගුවන් තොටුපළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබුණි .
එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම තරුණිය විසින් ඉදිරිපත් කළ වීසා කාඩ්පත ඇතුළු අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර ඇයගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදු කර තිබේ.
එහිදී මෙම තරුණිය හෙළි කර ඇත්තේ ඉතාලියේ නේවාසික වීසා කාඩ්පතක් හිමි කාන්තාවකගේ තොරතුරු යොදා ගෙන මෙම තරුණියගේ ජායාරූපය පමණක් මෙම ලියකියවිලි වලට ඇතුළත් කර වීසා කාඩ්පත මෙන්ම එම තොරතුරුම ඇතුළත් කර ගුවන් ගමන් බලපත්‍රය ද සකස් කර ඇති බවයි.
එමෙන්ම මෙම වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර වලට ව්‍යාජ තොරතුරු සහිත මුද්‍රාවක් ද භාවිතා කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
ඉන්පසුව මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දුකකි...! විමල් වීරවංසට තිබුණු නීතිය දුප්පත් අයට...
අපි ඇයට ඇමැති තනතුරක් දෙමුද එහෙනම්?
තමන්ගේ හිතුමනාපයට කළ දෙයක් නොව, වැඩිහිටි මැදිහත්වීමක් ඇතිව සිදුවූ දෙයක් බව සිතමි...
අනේ මේ ලංකාවෙන් යන කෙනෙකුට යන්ඩ දෙන්ට. ලංකාවේ ඉඳල හිඟා කන්නද කියන්නේ..?