
(විනීතා එම් ගමගේ)
තෙල් මිල ස්ථාවර අගයක තබාගැනීමට කටයුතු කරන බවත් ලෝක වෙළඳ පොළේ තෙල් මිල වෙනස් වන ආකාරයට රටේ තෙල් මිල වෙනස් නොකරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මිල ඉහළ යද්දී එහි බර ජනතාවට නොදී රජය භාර ගන්නා බවත් මිල අඩු වන අවස්ථාවල එකී පාඩුව පියවා ගන්නට රජය පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ කොළඹ 7 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යංශයේ දී අද (17) නව අමාත්‍යධූරයෙහි වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමටත් අලුතින් තෙල් පිරිපහදු පහක් ආරම්භ කිරීමටත් කටයුතු කරන බව ද කීය.
ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ඇති කර ඒ හරහා රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම තමන් ඉදිරි වසර පහ වෙනුවෙන් භාරගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති ඉන්ධන අවශ්‍යතාවයෙන් මෙරට පිරිපහදු කරන්නේ සියයට 20 ක් පමණක් බවත් අනෙක් සියයට 80 ම ආනයනය කරන බවත් ප්‍රකාශ කළේය.
දැනට තෙල් පිරිපහදු ආරම්භ කිරීමත් සමඟම පෙට්ට්‍රෝලියම්වල අතුරු පළ ලෙස ලැබෙන පෙට්‍රො කෙමිකල් වර්ග නිෂ්පාදනය සඳහා ද අවධානය යොමු කරන බව ද හෙතෙම කියා සිටියේය.
මේ වනවිට පෙට්ට්‍රෝලියම්වල අතුරු පළ වලින් නිපදවන සියලු පෙට්‍රොකෙමිකල් ආනයනය කරන බවත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලංකාවේ දී නිපදවීමට කටයුතු කරන බවත් කී අමාත්‍යවරයා තාර වල සිට ප්ලාස්ටික් කවරය සඳහා අමුද්‍රව්‍ය දක්වා සියලු දේ මෙරට නිපදවිය හැකි බවද කීය.
ඒ සඳහා විදේශීය ආයෝජකයන් ආකර්ශනය කරගෙන නුදුරු අනාගතයේම කටයුතු සම්පාදනය කරන බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවට මහින්ද චින්තනයෙන් ප්‍රතිඥාවක් දුන් බවත් එදා සිට මේ දක්වා ඒ වෙනුවෙන් කැපවී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ අමාත්‍යංශය තමන්ට භාර දුන්නේ ඒ සිහිනය සැබෑකිරීම බව තමන් දන්නේ යැයි කී ගම්මන්පිල මහතා වසර 50 ක් තිස්සේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ඇතැයි පවතින මතය අනුව සොයා එයින් ගෑස් හා තෙල් නිධිය ගොඩගන්නට හැකි වුවහොත් රටම ගොඩ යන බව කිව යුතු නැතැයි ද සඳහන් කළේය.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති, සුනෙත්‍රාදේවී මහ පිරිවෙනේ අධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් එහිදී කෙටි අනුශාසනාවක් කළහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කොට සිටියහ.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ගුදම් පහසුකම් බහලුම් අංගන හා වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොල යන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් ද ගම්මන්පිල මහතාගේ මව්පියන් දෙදෙනා ද අමාත්‍යංශ නිලධාරිහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? තව රිෆයිනරි 5ක් හදන්න යනවා කියන්නේ... මහත්තයෝ, දැන් ෆොසිල් ඉන්ධන පාවිච්චියඅ අඩුවෙලා තියෙන්නේ... ඉදිරියේදී නැවත අලුත් කළ හැකි ශක්තියකට තමයි මුළු ලෝකෙම යන්නේ... දැන් මොකටද තව රිෆයිනරි 5ක් හදන්නේ...?
මේ මහත්තයාට අන්ධ කයිප්පුවද මන්දා... රජය බාරගෙන වියදම් කරනවා කියන්නෙත් මහජනයාගේ බදුමුදල් වියදම් කරනවා කියන එක මිස මේ මහත්තයාගේ සාක්කුවෙන් දෙනවා කියන එක නෙවෙයිද මහත්තයෝ?
රජය වියදම දරනවා යයි කියන්නේ, ඒ බර දරන්නට සිදුවන්නේ බදු ගෙවන මහජනයාටමයි.
ඔබතුමාලා ජනතාවට සහන දෙන්න පුළුවන් කාලේ තෙල් මිල අඩු කළේ නැහැ. මාලදිවයින්වල ඩීසල් රුපියල් 70, පෙට්‍රල් 85.. ඔයාලට සහන දෙන්න පුළුවන්... නිකන් බොරුව දානවා...
අනේ ඕනෑ නැහැ ඇමතිතුමා.., රජය වුණත් අතින් කාලා හරක් බලන්න ඕනෑ නැහැනේ.. ඒ වියදමත් අපිම දරා ගන්නම්. මෙච්චර හරියක් තනිවම කරගන්න අපට තෙල් ටිකක් ගහගන්න රජයේ උදව් මොකටද? හැකිනම් රට වෙනුවෙන් කැපවෙන, ඔබතුමන්ලාගේ තෙල් සහනාධාරය වැඩි කරගන්න විදිහක් බලන්න. අපේ සම්පූර්ණ සහයෝගය ඒ සඳහා ලැබෙනවා.
ලෝක විහිළු කියන්නේ මේවාට තමයි.
මොන මෝඩ වැඩක්ද ඒක?
දැන් අර තෙල් ටැංකි ටිකත් ඉන්දියාවෙන් ආපහු අරගනියි නේද?
ඇමතිතුමා කොහොමටත් පහුගිය දවස්වල ලෝක වෙළෙඳපොලේ තෙල් බැරලය කොච්චර පහලට වැටුනත් ඒ වාසිය කවුරුත් ජනතාවට දුන්නේ නැහැනේ.
එහෙනම් මෙයා තෙල් නොමිලේ දෙයි වගේ.
කයිවාරු ඇමතිලා.
නොමිලේ තෙල් ගම්මන්පිලගෙන් මෙන්න වැඩ....
හෙට සිට තෙල් නොමිලේ... !!! ඇමැති ගම්මන්පිල...
තෙල් නිකන් දෙන ගානට අඩු වෙච්ච වෙලාවෙ සහනයක් නොදී ඉඳලා. දැන් එනව නිකන් පම්පෝරි ගහන්න........
කපටි මනුස්සයෙක්, මුණ බැලුවම පේනවා.
නොවැම්බර් 15 වනදා සිට මිල 25% කින් අඩු වී ඇත .. (අද වන විට)
ඔබතුමා දැන් බලශක්ති ඇමැති නිසා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ අපේ රටට තරම් හිරු එළිය නැතිවුණාට ඕස්ට්‍රේලියාවේ හුඟක් ගෙවල්වලට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තියෙන්... අපේ රටේත් මේ කටයුත්ත ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයට පාඩුවට තෙල් දෙන්න අවස්ථාවක් නැහැ.
මම හිනාවෙනවද? අඬනවද? කියලා මේ කල්පනා කළේ... මහජනතාවට කොයිතරම් නම් ආදරයක්ද තියෙන්නේ..? පහුගිය දවස්වල තෙල්මිල ගැන කියපුවා මතක් වුණා.
තෙල් දන්සැලක් ගම්මන්පිලගෙන්...
තෙල් නිකන් දැන් සැපද?