
(තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම වෙනුවෙන් වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 30.000 (රුපියල් මිලියන 5 කට) වැඩි වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේය.
වියට්නාමයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගුවෙන් ක්වොක් ඩොංග් විසින් වියට්නාමයේ ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රසන්න ගමගේ මහතා වෙත අදාළ පරිත්‍යාග හැනොයි නුවර පිහිටි එරට හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සංකේතාත්මකව භාර දී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.
වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩොංග් විසින් මෙම පරිත්‍යාගය ලබා දෙමින් කියා සිටියේ දෙරට අතර දුෂ්කරතා පැවති කාලවලදී පැවති දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය වෙනුවෙන් මෙම වෛද්‍ය උපකරණ තොගය පිරිනමන බවය.එසේම වසංගතයට එරෙහිව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම නැවත විමර්ශනය කෙරෙන අවස්ථාවක් යැයිද වියට්නාම නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.
වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා මෙහිදී කරුණු දක්වමින් කියා සිටියේ වියට්නාම රජය විසින් නොමසුරුව පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවංක ස්තූතිය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත්, හිඟන කමට ලෝකයෙන්ම කප් ගහලා ඉන්න ජාතියක් අපි? කාටද ආඩම්බර?
නුදුරු අනාගතයේදී අපට සෝමාලියාවෙන් ආධාර ලැබෙනු ඇත.
මිලියන 5ක් කියන්නේ කුමක්ද.?
නිකන් දුන්න අස්වයගෙ දත් බලන්න ඔනේ නෑ. නමුත් මේ ගාන වියට්නාමයට හරි පොඩි ගානක්නෙ. හරියට නිකන් දුගියෙක්ට සත 10 දීලා පත්තරේ දැම්ම වගේ වැඩක්.
වියට්නාමය කියන්නේ අපිටත් වඩා දරුණුවෙන් යුද්ධයෙන් බැටකාපු රටක්... මුලින්ම ප්‍රංශ කොලනියක්ව ඉන්නකොට ඇමෙරිකාවෙන් කරපු තුප්පහි යුද්ධයෙන් අපමණ පීඩා වින්ද රටක්... නමුත් අද එයාලා කොහෙද ඉන්නේ? මම වියට්නාම් ජාතිකයන්ට හරියට ගරු කරනවා... එයාලගේ තියෙන එකමුතුකම ගැන... අපේ රටේ එකමුතු කියන වචනෙත් විහිළුවක්... ඒ නිසා අපි වලපල්ලටම යන ජාතියක් හැටියට ලේබල් වෙලා...
ඇමෙරිකන් ඩොලරයක් වියට්නාම් මුදල් හෙවත් වියට් ඩොන්ග් 23000ක් පමණ වෙනවා. ඒ තමයි ඇමෙරිකාව එයාලාට එරෙහිව යුද වැදුණු, එයාලාගේ මතයට යටත් නොවුණු රටවල් වලට දුන්නු ආර්ථික දඬුවම... ආර්ථික අංශයෙන් ගත්තාම එයාලා නිදහස ලබන කොට හිටියේ, අපි නිදහස ලබනකොට හිටිය තත්වයට වඩා ගොඩක් පහළින්... අනිත් එක කෝවිඩ් එකට වෛද්‍ය ආධාර දෙනකොට MRI, CT ස්කෑන් වගේ උපකරණ නෙමෙයිනේ දෙන්නේ... ඒ නිසා මිලියන 5 පොඩියි වගේ පෙණුනට ආධාර දෙන කාරණාව අනුව ඒක ලොකු උපකරණ තොගයක් වෙන්න පුළුවන්. අඩුගානේ මේ මිනිස්සු මේවා දෙන්නේ මේ රටෙන් ඉඩම් කෑල්ලක් ගන්න බලාගෙන නෙමෙයි කියලාවත් මතක් වෙන්නේ නැද්ද ඔයාලාට? ආධාරවල වටිනාකම ගැන පහත් කතා කියන්නේ. අපිට පුළුවන්ද අඩුගානේ එක මිලියනයක ආධාර වෙන රටකට දෙන්න...? අපේ මේ නිෂ්පාදන වලින් කියලා දෙයක් දෙන්න තියනවද?
ලංකාවේ නියෝජ්‍ය ඇමැතිවරු භාවිතාකරන නිලරථයක් මිලියන 50ක් විතර වටිනවා.