
(දිලීප් ජයසේකර)
දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිලිවෙලක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා ආරම්භ කර ඇති බවත් ඒ අනුව ප්‍රථම දේශීය එළවළු හා පළතුරු තොගය රැගත් ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළෙන් සිට අද (16) අලුයම ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බවත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසිය.
ශ්‍රී ලංකාවේ වගා කළ එළවළු හා පළතුරු කිලෝ 3,371ක් සලාම් එයාර් ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් මෙලෙස මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ සිට ඕමාන් රාජ්‍ය කරා රැගෙන යාම සිදු කෙරුණි.
සලාම් එයා ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය ඊයේ (15) රාත්‍රි 11.20ට දෝහා කටාර් හා ඕමානයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 150 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණි අතර පසුව එම ගුවන් යානය ඕමානයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රි ලාංකික මගින් 14 දෙනෙකු හා මෙරට වගා කළ එළවළු හා පළතුරු තොගයක්ද රැගෙන නැවත ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව ගියේය.
මෙහිදී සළාම් එයා ගුවන් සේවයේ සහකාර ගුවන් තොටුපොල කළමණාකරු රවී ද සිල්වා මේසේ පැවසීය.
අපි පළමු වතාවට තමයි මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොළට පැමිණියේ .ඇත්තටම මෙහි තියෙන පහසුකම් පිළිබදව අපි ගොඩක් සතුටු වෙනවා.
අද අපි පළමු වරට ශ්‍රි ලංකාවේ නිෂ්පාධිත එළවළු හා පළතුරු තොගයක් ඕමානය බලා රැගෙන යනවා.ඉදිරියේදීත් අපි මේ විදියට ශ්‍රි ලාංකික එළවළු හා පළතුරු විවිධ රටවල් කරා රැගෙන යාමේ විශේෂ වැඩ සටහනක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ මුලික කරගෙන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.


්

COMMENTS
මට පේන්නේ මේක මේ කටුනායකයෙන් පටවපු බඩු මත්තලට හරවලා වගේ.. මම සෞදියේ ඉන්නේ... මෙහෙ සමහරක් මාකට්වල ලංකාවේ එළවළු ඕනෑතරම් තියෙනවා...
මේ ෆ්ලයිට් එකට අපි සල්ලි ගෙවලා චාටර් කරලා ගෙනාවේ... රජය බොරුවට ක්‍රෙඩිට් දාගන්න ඕනෑ නැහැ.
රට පටවන්න කළින් ලංකාවේ අයට ලංකාවේ අයට ලබාදෙන්න ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළොත් නරකද?
අන්න දියුණුව... අවස්ථාවෙන් උදාකරගන්න. වී ගබඩා කරලා අවස්ථාවට පයින් ගහපු අයට අද වෙලා තිබෙන දේ හිතන්න.. රටක් හැටියට මුලින් හිතන්න. පසුව දේශපාලනය හිතන්න.
ඕමාන්, අරාබි මුස්ලිම් රටක් අපේ එලවලු හා පලතුරු කාලා ලංකාව ආක්‍රමණය කරයි..
අපේ එළවළු, පලතුරු රටයවන එක නෙමෙයි, මෙතන වැදගත් වෙන්නේ... මේ මුදල් මේ ගොවි මහත්වරුන්ට ලබාදීලා... ඔවුන්ව දිරිගැන්වීමයි.
හොඳ වැඩක්, අපේ සුබපැතුම්...
දේශීය ගොවියාගේ නිෂ්පාදන ගොවිපලේ කුණුවෙද්දී පිටරටින් ඒවාම ගෙනෙමින් වරාය ගාස්තුවලින් රට හැදීමට හිටපු ඇමතිවරයෙක් කරපු දේ සියල්ලන්ම දන්නවනේ... අන්තිමට අවුරුදු 70කට වැඩි කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ එම පක්ෂයට එක මන්ත්‍රී කෙනෙකුවත් නැතිවුණා. ශ්‍රී ලංකාවට ජයවේවා..!!!
පින්තූරෙ ලොකු කරලා දැම්මා නම් අපිට බලාගන්න තිබුණා කාගේ කම්පැණියේද මේවා යන්නේ කියලා... ඉස්සර එක අගමැති/ජනපති කෙනෙක්ගේ රෝසමලුත් මෙහෙම පිටරට යැව්වලු නේද?
මේකේ වීගබඩා කරපුනඩය ආවොත් ගුවන් යානය පෙරළලා ඔය ඔක්කොම පලතුරු ටික කාලා දමාවි... ඉක්මණින් අරගෙන යන්න.