
(ඩයනා උදයංගනී)
සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.
පසුගිය ජූලි මස 15 වන දින සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමනුකූලව පැවැත් වු බව කී සභාපතිවරයා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් ජාලය හරහා පැවැත් වු අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද කීවේය.
මෙතෙක් නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් සිටි නමුත්, අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බව ද ඔහු කියාසිටියේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ඉඩක් දුන්නු ගමන් නිදහස අවභාවිතා කරලා PCR ටෙස්ට් ගොඩක් කරලා ආයිත් කොරෝනා වසංගතය පතුරුවන්න උදවු දෙන්නේ නැතිව හිටියොත් හොඳයි.
ජවිපය සහ පෙරටුගාමි එහෙමනම් ආපහු වැඩ පටන්ගන්න ලෑස්ති වේවි.
මොකද ටයර් සාමාජිකයින් ටික කිව්වද ඉක්මනට ඇරලා දෙන්න කියලා? කවදාවත් නැතිව මොකද ඔයා මේක කියන්නේ? ඇයි උපකුලපතිලා නැද්ද මේක කියන්න...? ඔයා කියන විදියට වැඩ කරන්න බොහෝ විශ්ව විද්‍යාල කැමැති නෑ නේද? ඔයා එනලයින් එක හැමෝම දන්නවා...
ක්‍රමානුකූලව විවෘත කිරීම සුදුසු යැයි හැඟේ... කොරෝනා වසංගත තත්වය 100%ක් ලෝකයෙන් පහවෙලා ගොස් නැති විටෙක... ඇමෙරිකාවේ මහ ආණ්ඩුවේ මග යමින් මෙවැනි තීරණයක් ගැනීම සුදුසු නැති බවක් හැඟේ... මාර්ගෝපදේශ පිළිපැදීම ගැන පොදු වෙළඳසලක්, දැනට විවෘත විශ්ව විද්‍යාල පරිශ්රයකට ගොඩවී බැලුවා නම් මෙවැනි තීරණයක් ගැනීමට දෙවරක් සිතනු නොඅනුමානය.