
(මහේෂ් කිර්තිරත්න)
නකලස් පාරිසරික ආරක්ෂණ කලාපයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 1600ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නකලස් පාරිසරික ආරක්ෂණ කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් මේ බව පැවසීය.
නක්ලස් සංරක්ෂණ කලාපයට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 31,000 ක් පමණ වන අතර එයින් හෙක්ටයාර් 15,000ක් මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන අතර ඉතිරිය මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේ.
නක්ලස් සංරක්ෂිත කලාපයේ මාතලේ පිටවල පතන ආශ්‍රිතව ඇති ගෝනමඩවත්ත නම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 1600ක ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
මෙම පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේදී අයිතිකරුවන් සොයා ගැනීමට අපහසු වීම, අයිතිකරුවන් ඉදිරිපත් නොවීම වැනි ගැටලු ද පවතින බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.
ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්පත් කරගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. මේ වන විට ගෝනමඩවත්ත පෞද්ගලික ඉඩම් මිනුම් කටයුතු කර තක්සේරු කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතී. මෙම ඉඩම් පෞද්ගලික අයිතිය යටතේ පැවැතිය ද එම ඉඩම්වල සංවර්ධන කටයුතු සිදුකර නොතිබීමෙන් අත්පත් කරගැනීමේ කටයුතු පහසු වී ඇති බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ඉඩම් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (අත්පත්කරගැනීම්) කෝකිලා හේමචන්ද්‍ර , ලග්ගල ප්‍රාදේශීය ලේකම් එස්. විජේකුමාර් , නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රියන්ත සේනාධීර, මාතලේ දිසා වන නිලධාරි ඒන්.ආර් ප්‍රසාද්, දිසාවන නිලධාරි අශෝක බණ්ඩාර හේරත්, වන පාලක කේ.ආර්.ඉලුක්කුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ කොහේවත් තියෙන කැලයක්ද නැත්නම් පෞද්ගලික ඡන්දදායකයන් ද?
කළින් නකල්ස් වනාන්තරේ අනවසරයෙන් ඉදිකළ හිටපු ගුවන් හමුදා ලොක්කගේ ගෙයත් පවරාගන්නවැයි..?
ඔය ඉඩම් සහ ඒවායේ ඉදිකර ඇති සුඛෝපභෝගී නිවාස අත්පත්කරගෙන නව රජයේ අයවලුන් බෙදාගන්නද හදන්නේ..?
වන සතුන් හා අනාගත පරපුර වෙනුවෙන් කෑලිවලට නොකැඩූ ආරක්ෂිත වනාන්තර පිහිටුවීම හා ඒවා ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. රජයට ස්තූතියි..!!!
1967 කාලේ ලග්ගල, මීමුරේ, කලුපහණ ප්‍රදේශවල රජයේ ඉඩම් අක්කර 100 කැබලි එනසාල් වගාවට දුන්නා.
කැලෑවට ගිහිල්ලා තියෙන තේවතුත් රජය නැවත පවරා ගත්තොත් හොඳයි. බදුල්ලෙ තේ වතු මිනිස්සු බලෙන් අල්ලාගෙන ගෙවලුත් හදලා, කොම්පැනිකාරයින් දැක්කේ නෑ වගේ ඉන්නවා. සමහර වතුවල කලින් තිබ්බ තේ ගස් ප්‍රමාණය එක්ක බලනකොට දැන් තියෙන්නේ බොහොම ටිකයි...
හොඳ තීරණයක්...!!!