
(ඉන්දිකා රාමනායක)
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් කර තිබු දැනුම් දීමකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා පොලිසිය නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරන බැවින් එයට වෙනස්ම උපක්‍රමයක් වශයෙන් ජාවාරම්කරුවන් මෙම නව ජාවාරම සිදුකරන බවද ජාලිය සේනාරත්න මහතා පවසයි.
මෙම උපකරණයක් රුපියල් 15,000 ක් වැනි මුදලට සිසුන්ට අලෙවි වන බවත්, ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය මෙම යන්ත්‍රවලට ආඝ්‍රහණය කරවීමට මෙම යන්ත්‍රවලට කිසියම් මත්ද්‍රව්‍ය පිරවීමක් සිදුකර ඇති බවද හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් දෙමාපියන් පාසල් බලධාරීන් දැනුවත් විය යුතු බවත් තම දරුවන් නොදන ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම වළක්වා ගැනීම සදහා දැඩි සෝදිසියෙන් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මේ ආකාරයේ උපක්‍රම භාවිතා කරමින් පාසල් සිසුන් ගොදුරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට හා 1917 දුරකතනය දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පසුපස ඉන්නේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිලා...
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු මැති ඇමැති වෙච්චිකොට මත්ද්‍රව්‍ය වැදගත් අයවලුන්ගේ ව්‍යාපෘතියක් වෙලා ලංකාවේ නම් දියුණු වෙලා යාවි තමයි.
මහා පරිමාණ කුඩු, එතනෝල් ජාවාරම් කාරයින්ට ඇමැතිකම් ලැබෙන, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය හෙරොයින් ජාවාරම් කරන රටක පාසල් සිසුන් සහ බාල පරම්පරාව මත් වුවදුරෙන් මුදාගැනීම අසීරු කාර්යයකි.
ගන්න දෙයක් නැහැ රට. හැබැයි පාලකයින් දඟලන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. තමන්ගේ බලය වැඩි කරගන්න. තමන්ගේ මඩිය තරකර ගන්න. රටේ මිනිස්සුන්ට දහසකුත් එකක් ප්‍රශ්න. ඒව පලවෙනි තැනටත් නෙමෙයි දෙවෙනි තැනටත් නෙමෙයි. දහවෙනි තැනට. හැබැයි 19යේ තමන්ට වාසි වගන්ති අහෝසි කර ගැනීම පළවෙනි තැනට...