
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ නීතිවිරෝධීව ඉතා සූක්ෂමව සඟවා තිබූ කහ කිලෝ 57 යි ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම ඕලුතුඩුවායි මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි මුර සංචාරයක දී එම කහ තොගය කැළෑබද ප්‍රදේශයක දී ගොනි දෙකක් තුළ සඟවා තිබීයදී හමු වී ඇත.
කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් රැගෙන විත් මන්නාරමේ සිට දකුණු ප්‍රදේශයට ඇතුළු ප්‍රදේශයන් රැසකට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටී.
මෙලෙස සඟවා තිබූ කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට බාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව තව දුරටත් ජාවාරම් කරුවන් පොහොසත් කරමින්... ජනතාවට අපහසුවට පත්කරන එක නවත්වලා, පෙර පරිදි කහ ආනයනය කිරීමට කටයුතු කරන්න.