
(ඉන්දිකා රාමනායක)
මහාපරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් උපයාගත් දේපළ හා මුදල් ඉදිරියේ මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (14) පැවසීය.
සංවිධානාත්මක අපරාධ හරහා උපයාගත් දේපළ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ හා ගිණුම් තහනම් කරන ආකාරයකටම නීතිවිරෝධී මත්ජාවාරම්කරුවන්ගේ දේපළ ද ඉදිරියේ තහනම් වන බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
මේ සදහා වැඩබලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂවරයාට හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුගිය සති දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා රුපියල් කෝටි 220 ට අධික ප්‍රමාණයක මුදලක් ගිණුම් හරහා සංසරණය කර ඇති බවට හෙළි ව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම මුද, විදේශ රටවලට ජාවාරම්කරුවන් අතට පත් කර ඇති ද, මෙම මුදල් ආයෝජනය කර ඇත්තේ කවුද, යන්න හෙළි කර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාර 11 ක් පමණ පසුගිය මාසය තුළ වැටලු බවද හෙතෙම කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ එහෙනම් ඇමැති ජොනීගේ දේපළත් රාජ සන්තක කරන්න වෙයි නේද?
අම්මෝ එහෙනම් ඇමැති ජොනීගේ දේපළත් රාජ සන්තක කරන්නවෙයි නේද?
අල්ලාගත් මත්ද්‍රව්‍ය නම් රාජසන්තක කරන්නේ නෑනේ. නැවත විකිණීම සිද්ධ කරනවනේ...
කිතුල් රා පොල්කට්ටක් පෙරාගත්ත මිනිස්සු අල්ලනවා වගේම අර මහා පරිමාණයේ එතනෝල් කාරයින්ගේ ඒවාට මොකද කරන්න හිතාගෙන ඉන්නේ?
කසිප්පු කාරයොයි, හොර අරක්කු කාරයොයි තමයි පාර්ලිමේන්තුවේ ඉන්න සමහරක් අයගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කළේ.. එහෙව් එකේ එහෙම වැටලීම් කරලා දේපළ රාජසන්තක කරනවා කියන්නේ නිකන් ජනතාව රැවටීමක් පමණයි.
එතකොට මැති ඇමැතිලාගේ කසිප්ප, ඉස්කාගාර අල්ලගත් ඒවට මොනවත් වෙන්නේ නැත්ද?
ඕවා අල්ලන්නේ ඡන්දේ ඉවර වෙනකන් විතරයි.
ඉතා හොඳ වැඩක්... අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ දෙයක්.. මහාපරිමාණයෙන් කරන අයගේ විතරක් නොව සුළුවෙන් කරන අයගේත් දේපළ රාජසන්තක කරන්න ඕනේ...
දියවන්නාවේ අයටත් බලපානවද? අපොයි මෙච්චර කල් හම්බ කරපු දේපල...
කරන්න යන ඒවා අපිට කියන්න එපා. ඒ කතා ගැන අපිට කිසි විශ්වාසයක් නැහැ. කරලා ඉවර වුණාට පස්සේ කළා කියලා පෙන්නුවාම ඇති. මේවා අහල අහලා දැන් අපිට එපාවෙලා තියෙන්නේ...
සියලු කසිප්පු ව්‍යාපාරිකයන් අපේ ජනතාවගේ බහුතර කැමැත්ත පරිදි පාර්ලිමේන්තු යවා ඇත. දැන් අල්ලයි නැට්ට...
එතනෝල් කාරයින්ටද?
නිමල් මහතා කිව්වා වගේ තවමත් ඕක කෙරෙන්නේ නැද්ද? එතකොට මෙච්චර කල් කෙරුවේ උපයාගත් දේපල දරුපවුලට දීපු එකද? කෝටිගාණක් කුඩු විකුණලා හම්බ කරලා, දරුවන්ට දීලා හිරේ ගිහින් ජීවිතේ සැඳෑසමය පිනට කාලා ඉන්න පුලුවන් නම් මෙතුවක්කල් අපේ රටේ ක්‍රියාත්මකවූ නීතිය කුමක්ද?
කුඩු මුදලාලිලාට අධිකරණයෙන් නියම කරන ලද දඬුවම ක්‍රියාත්මක කරගන්න බැරුව දඟලන රටේ ඕවා කරන්නේ කොහොමද?
හොඳ තීරණයක්.. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේත්, පවුලේ කට්ටියගේත් සියලු වත්කම් නැතිවෙයි එහෙම ගියොත්...
බොහොම ලේසියි. හැම බැංකුවකම රු මිලියනයට වඩා ට්‍රාන්සැක්ෂන් මාසිකව ගන්න ලැබුණු විදය අහන්න. ලෑන්ඩ් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ඔප්පු ලියාපදිංචි හොයන්න, බඩු මාට්ටු මේවා නෙකරන එකයිි අපට ගැටලුව, දේශපාලකයින් කොනක ඉන්න නිසා මේවා යටයනවා..
උතුමාලගේ කතා අසා ... සැනසේමි හිත සනසා... බොරුවට මා රවටා... යනවා නේද හුරු මග සාදා...
දැන් මාස කීපයකට කළින් ලොකු සර් රියදුරු බලපත් කන්තෝරුවට ගිහින් කරපු රඟපෑම් වගේ ඕවා අපිව සනසන්න බොරුවට කියන කතා... ඕවාට අපි රැවටෙන්නේ නැහැ.