
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම මොරගහවැව පදිංචි අයකු බව කියයි.
පොලිසිය පවසන්නේ කලක් පටන් පැවති ආරවුලක් මෙම සිද්ධියට මුල් වි ඇති බවයි.
පොලිසිය පවසන්නේ යාන්ත්‍රික කියතකින් කැපුම් තුවාල සිදුවූ අය මෙම සැකකරු සමග සවස ගැටුමක් ඇති කරගෙන ඇති බවත් ඉන්පසුව සැකකරු නිවසෙ තිබු යාන්ත්‍රික කියත පණ ගන්වා ඉන්පසුව තුවාල ලැබූ පිරිස පසුපස හඹායමින් කපා ඇති බවයි.
බරපතල තුවාල ලැබු දෙදෙනාගෙන් අයකු ගල්ගමුව රෝහලටත්, අනෙක් තැනැත්තා පුත්තලම මූලික රෝහලටත් ප්‍රතිකාර සඳහා යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු යාන්ත්‍රික කියතත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දවසින් දවස දියුණුවට යන ජාතියක්නේ... දැන් අපරාධත් යාන්ත්‍රික වෙලා. මේ පුණ්‍ය භූමියක් නේද?
ෂුවර් එකට GTA ගේම් එක ගහපු පොරක්..
නවගත්තේගම කියන්නේ 90% ක් පමණ පොහොට්ටු ඡන්ද දායකයන් සිටින ප්‍රදේශයක්...
හිතක්, පපුවක් නැති කාලකන්නි පව්කාරයින්ගේ වැඩ...
ඉතාලියේ මාෆියා විරුද්ධවාදීන්ට මාෆියා එකෙන් දෙන භයානක දඬුවම... අත් දෙකෙන් එල්ලලා යාන්ත්‍ර්‍රික කියතෙන් කැපීම...
නවගත්තේගම කියනකොටම සිහියට නැගෙන්නේ, විමලරත්න කුමාරගම කවියා... ඔහු එකල නවගත්තේගම ආදායම් පාලක නිලධාරී... වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් තනතුර... ඔහු සයිමන් නවගත්තේගමගේ පියා. එහෙව් අතීතයේ ඔය පැත්තේ අයම ඇයි ගුරුවරුන්ව දණගස්සලා තිබ්බේ? එහෙම පරිසරයක ඉස්සර දඬුකඳේ ගහපු අයගෙන් මීට වඩා යහපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?