’වැලිහිඳ කළු’ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන රණවනගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති පුද්ගලයකු වැලිගම වැලිහිඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 11 September 2020
දිවයින පුරා වැව් 5000 ක් කඩිනමින් පිළිසකර කරන්න දිවයිනපුරා පිහිටි වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (9) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 September 2020
වෙලේ සුදාගේ මස්සිනාට රැඳවුම් නියෝග හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සිද්ධියකට අදාළව ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කාර “වෙලේ සුදා” ගේ මස්සිනා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදාතෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (10) පොලීසියට අවසර දුන්නේය. 11 September 2020
කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 142 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 11 September 2020
මව දරු තිදෙනාගේ පාසල් ගමන නවත්වයි කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත. 11 September 2020
කන්දකාඩුවට ලබන මස මුල සිට යළි පුනරුත්ථාපනලාභීන් බාර ගනී දැනට පුනරුත්ථාපනලාභීන් බාරනොගන්නා කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන මස මුල සිට නැවත ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල් කාර්යංශය පවසයි. 11 September 2020
කොළඹ කලාප කිහිපයකට හෙට ජල කප්පාදුවක් කොළඹ නගරයේ 11,12,13,14 සහ 15 යන කලාප වලට හෙට (12) රාත්‍රී 10 සිට අනිද්දා (13) පෙරවරු 10.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි. 11 September 2020
දුම්රිය පමාවට පිළියම් නැද්ද? බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරන් අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් බදුල්ලේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පැය දෙකහමාරක පමණ කාලයක් ගන්නා බවට දුම්රිය මගීන් චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. බදුල්ල සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර 35 ක් වුවද වේග සීමා ඉවත් කර තිබියදීත් මෙලෙස හිතාමතා දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 11 September 2020
ලලිත් ජයසිංහට යළිත් වැඩ නෑ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි. 11 September 2020
කොග්ගල සංචාරක හෝටලයක 5දෙනෙකුට කොරෝනා මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (11) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 11 September 2020
කොරෝනා ආසාදිතයින් 8 ක් එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. 10 September 2020
දෙමටගොට චමින්දගේ රියදුරු රඳවා ප්‍රශ්න කරන්න නියෝග ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකුගේ රියදුරු වශයෙන් සේවය කළ බව කියන ‘කොන්ඩ රිස්වාන්‘ නැමැත්තා දින 7 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට මහර අංක 01 අධිකරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් පතිරණ අද (10) වැනි දා නියම කළේය. 10 September 2020
කේරල ගංජා කිලෝ 2 ක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ බටපොල සාදමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව බටපොල පොලිසිය පවසයි. 10 September 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 95,000ක් අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 95,000ක් හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 10 September 2020
‘‘20 නිසා රජයේ අංශ හතරක් අඩාල වෙනවා‘‘ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ අංශ හතරක විනිවිද භාවය හා වගවීම අඩාල වන්නේ යැයි ‘‘ට්රාන්පේරන්සි ඉන්ටනැෂනල්‘‘ ශ්‍රී ලංකා ආයතනය පවසයි. 10 September 2020
වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක් සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්දසකට අධික ප්‍රමාණයේ 500 කට ආසන්න පිරිසක් අනවසරයෙන් පදිංචිව ඇතැයි විශ්වාස කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ප්‍රකාශ කළේය. 10 September 2020
බේරූට් අගනුවර නැවත ගින්නක් ලෙබනනයේ බේරූට් වරායේ අද (10) පස්වරුවේ ගින්නක් ඇති වී තිබේ. එම ගින්න ඇති වී ඇත්තේ මීට මාසයකට පෙර බේරූට් අගනුවර පිහිටි එරට ප්‍රධාන වාරයේ පිපිරීම සිදු වූ ස්ථානයේම යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 September 2020
කොටුව ශාන්ත පීතර දේවස්ථානය වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට කොටුව පොලිස් මූලස්ථානයට ආසන්නයේ පිහිටි ශාන්ත පීතර දේවස්ථානය අනවසරයෙන් වීඩියෝ ගත කරමින් සිටි පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත්බව කොටුව පොලිසිය පැවසීය. 10 September 2020
අටලුගම දී පොලිස් නිලධාරින්ට පහරදුන් 5 ක් රිමාන්ඩ් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා කුමාරි බණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය. 10 September 2020
‘නිව් ඩයමන්‘ නැව නාවික සැතපුම් 50 ක් ඈතට ගෙන යයි සංගමන්කන්ද ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ ‘නිව් ඩයමන්‘ ඉන්ධන නෞකාව අද (10) වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් නාවික සැතපුම් 50 ක් පමණ ගැඹුරු මුහුදේ ආරක්ෂිතව රඳවා තබාගෙන සිටින බව නාවික හමුදාව කියයි. 10 September 2020
මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. 10 September 2020
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති කරු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පත්කර තිබේ. 10 September 2020
නිරෝධායනය වෙමින් සිටි ගැබිනි කාන්තාවක් ඇතුළු 4 කට කොරෝනා හබරාදුව කොග්ගල ප්‍රදේශයේ දි හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි මාලදිවයිනේ සිට පැමිණි ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකුට පි. සි.ආර්. පරික්ෂණවලදී කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වංසගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය. 10 September 2020
ලක්ෂ 12ක තහනම් කෘෂි රසායන තොගයක් අධිවේගයේදී අල්ලයි රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමින් යුත් ග්ලයිෆොසෙට් ඇතුළු තහනම් කෘෂි රසායන තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේදී ලුණුගම්වෙහෙර පොලිසිය අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. 10 September 2020
‘විස්සේ ගැටලු ඇත්නම් කමිටු අවස්ථාවේ දී නිවැරදි කළ හැකියි’ දැනට ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර කමිටු අවස්ථාවේදී සංශෝධනය කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (10) පැවසීය. 10 September 2020
දුම්රිය ප්‍රමාදයක් මාර්ග අවහිරතාවයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2020
සතිඅන්තයට සීමා වූ කන්කසන්තුරයට යන දුම්රිය අනිද්දා සිට දිගටම කොරෝනා වසංගතය හේතුවෙන් දැනට සතිඅන්තයේ පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අනිද්දා (12) සිට දිනපතා ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 10 September 2020
ව්‍යවස්ථා සංශෝධනයට පෙර දේශපාලන පක්ෂ-සිවිල් සංවිධානවල අදහස් ගතයුතුයි නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයක් එල්ල වී ඇති අවස්ථාවක එය ගෙනඒමට හදිසිවන්නේ ඇයිදැයි තමන් රජයෙන් විමසා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(10) පැවසීය. 10 September 2020
‘සිංහරාජ මායිමේ තේ සිටුවීම වහා නැවැත්විය යුතුයි’ හිමිකමක් ගැන පස්සේ බලන්න පුළුවන් සිංහරාජ ලෝක උරුම වනාන්තර මායිම එළි පෙහෙළි කිරිමත්, මායිමේ තේ සිටුවිමත් වතුකාර සමාගම් වහාම නැවැත්විය යුතු යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (10) පැවසීය. 10 September 2020
හෙරොයින් ජාවාරම්කරුවෙක්ට මරණ දඩුවම හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය. 10 September 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026