ජල නලයක් පිපිරීමෙන් අම්බලන්ගොඩට ජල සැපයුම නවතී අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නළයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ. 10 September 2020
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට සුඛෝපභෝගී මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කුලියාපිටිය-පන්නල ප්‍රධාන මාර්ගයේ ඇලබඩගමදී අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි. 10 September 2020
සිසුවා මරුමුවට පත් කරමින් ත්‍රිරෝද රථ රියැදුරු පලා යයි රන්න-හුගම මාර්ගයේ බටඅත වංගුවේදී යතුරු පැදියක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 12 හැවිරිදි පාසල් සිසුවකු අද(10) මියගොස් ඇතැයි හුගම පොලිසිය කියයි. 10 September 2020
’වෙලේ සුදා’ගේ සමීපතමයකු ඇතුළු තිදෙනෙකු දැලේ බන්ධනාගාර ගතව සිටින, සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වු ’වෙලේ සුදා’ සමග සමීප සම්බන්ධතා පැවැත්වු සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි. 10 September 2020
බුස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2020
හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුළං තත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර කොටසට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට අද(10) බාධා එල්ල විය. 10 September 2020
විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුගේ දියණියක් හොරොයින් සමඟ අත්අඩංගුවට වසර හයක සිට හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් 170 ක් සමඟ අද (09) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 09 September 2020
වනාන්තර වලට සිදුවන හානි ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබාදීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් 1992 දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ. 09 September 2020
බෙන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ කාන්තාවකට කොරෝනා යුද හමුදාව විසින් බෙන්තොට සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමුකර සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 09 September 2020
රටවල් තුනකට අලුතින් තානාපතිවරු ප්‍රංශය , ඇෆ්ඝනිස්ථානය සහ ජපානය යන රටවල් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් තිදෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත. 09 September 2020
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය නැවතත් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වැනි දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ. 09 September 2020
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට පාසල් ළමුන් සහ උපකාරක පන්ති වලට සහභාගීවන සිසුන් ඉලක්කකර ගනිමින් පොලොන්නරුව,කදුරුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථානයක් වටලා හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලොන්නරුව පොලිසිය පැවසීය. 09 September 2020
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ආරක්ෂක සේවයේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 09 September 2020
නීති විරෝධී දුම්වැටි 720 ක් සමඟ 5 ක් පොලිස් දැලේ නීති විරෝධී දුම්වැටි නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වූ0 පුද්ගලයින් පස් දෙනෙකු දුම්වැටි 720 ක් සමඟ රත්මලාන බොරුපන ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගත්බව අගුලාන පොලිසිය පැවසීය. 09 September 2020
මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට මාතර මහධිකරණය අසලදී සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 57 ක් සමඟ සැකකරුවෙකු අද (09) අත්අඩංගුවට ගත්බව මාතර පොලිසිය පැවසීය. 09 September 2020
ජාතික නාමල් උයන - රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමට එහි භාරකාර වනවාසී රාහුල හිමියන්ගේ කළ යෝජනාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (09) පැවසීය. 09 September 2020
ගව ඝාතනය නතර කිරීමට ගත් තීරණය අගය කෙරේ මෙරට තුළ සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කළක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවදානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සළසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ. 09 September 2020
වෑලියේ සුරාජ් ඇතුළු 14 රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන ගනේමුල්ලේ සංජිව නැමැති හෙරොයින් ජාවාරම් කරුගේ ප්‍රධාන ගෝලයෙක් වන වෑලියේ සුරාජ් ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 14 දක්වා රඳවා තබාගෙන විමර්ශනය කිරීම සදහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද (09) මිනුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය . 09 September 2020
’කාන්දු වී ඇති ඉන්ධන, නෞකාවේ ගබඩා කළ ඒවා නොවේ’ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වූ බව පෙනෙන්නට තිබෙන ඉන්ධන පැල්ලම්, නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන බවත් නෞකාව යාත්‍රාකිරීමේ කටයුතු සදහා යොදාගනු ලබන ඩීසල් ඉන්ධන බව නිරීක්ෂණයේ දී හෙළි වු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසයි. 09 September 2020
වැඩිපුර අයකර ගත් ලක්ෂ 36 ක් ගෙවන්නැයි සුරාබදු නිලධාරීන්ට නියෝග සුරාබදු නීතිය උල්ලංඝනය කිරීමේ වරදට නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවමින් ව්‍යාපාරිකයින් තිදෙනෙකුගෙන් වැඩිපුර අයකර ගෙන තිබූ රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ඔවුන්ට ආපසු ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු සිව් දෙනෙකුට අභියාචනාධිකරණය නියම කළේය. 09 September 2020
ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය සෙවීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 September 2020
මත්ද්‍රව්‍ය අල්ලන්න ගිය පොලිසියට පහරදුන් 4ක් අත්අඩංගුවට බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙදෙනකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි. 09 September 2020
නෞකාවේ හානිය නිරීක්ෂණයට ගැලවුම්කාර සමාගමේ තිදෙනෙක් යති ගිනි ගැනීමට ලක්වු එම් ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ හානිය නිරීක්ෂණය කිරීම සදහා එහි ගැලවුම්කාර සමාගමේ නියෝජිතයන් තිදෙනෙකු අද (9) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පවසයි. 09 September 2020
සුවය ලැබුවෝ 11 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (09) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 182 ක් දක්වා පහළ බැස තිබේ. 09 September 2020
ඇෆ්ගන් උප ජනාධිපතිවරයාගේ රථ පෙළට බෝම්බ ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අම්රුල්ලා සලේ මහතා ඉලක්ක කරගනිමින් අද (09) පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. 09 September 2020
මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 26 දා සැලකිල්ලට රාවුෆ් හකීම් , රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉස්ලාම් බැතිමතුන් කිහිප දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් වැඩිදුර සලකා බැලීම ලබන නොවැම්බර් 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 09 September 2020
නැවේ ගින්න උගන්වන පාඩම අපේ රටට මහත් ව්‍යසනයක් විය හැකිව තිබූ ‘‘නිව් ඩයමන්ඩ්’’ බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ප්‍රකාශයට පත්වීම මහත් සැනසිල්ලකට හේතුවකි. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මහ මුහුදේදී ගිනිගෙන දැවෙමින් තිබූ නැව පසුගිය දින කිහිපය තුළ රටේ ප්‍රධාන ‘‘කටගැස්ම’’ බවට පත්ව තිබිණි. 09 September 2020
වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකතන-සිම්පත්-බැටරි අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ එක්ස් වාට්ටුවේ සිදුකරන ලද හදිසි සෝදිසි කිරීමේදී එහි සඟවා තිබූ ජංගම දුරකතන 10 ක්, සිම්පත් 8 ක්, බැටරි 102 ක් බුද්ධි අංශ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 September 2020
ඌරගස්මංහන්දිය උණුසුම් වෙයි විදුහල්පති මාරුවට පක්ෂව හා විපක්ෂව දෙපිරිසක් අද (9) පෙරවරුවේ උද්ඝෝෂණ පැවැත්වීමත් සමගම ඌරගස්මංහන්දිය ඇළකාක මහා විද්‍යාලය ඉදිරිපිට මහ මාර්ගයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 09 September 2020
පාහියන්ගල ලෙනට සමාන ඓතිහාසික ගල්ලෙනක් වලල්ලාවිට කඳු මුදුනක ප්රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල්ලෙනක් කළුතර වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කඳු මුදුනකින් හමුවී තිබේ. 09 September 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026