
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වසර හයක සිට හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් 170 ක් සමඟ අද (09) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ දියණියක් බව පොලිසිය කියයි.
මහා පරිමාණ හෙරොයින් ජාවාරමකට සම්බන්ධව ක්‍රියා කර ඇති සැකකාරිය හෙරොයින් පානයට ද ඇබ්බැහි වී ඇති බව පොලිසිය පැවසීය.
ඒ අනුව සැකකාරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයි හාමුදුරුවනේ...!!