කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුකැලේ ගම්මානයේ ජීවත්වන පවුල් 72ක් විදුලිය බලය නොමැති නිසා අන්ත දුෂ්කර ජීවිතයක් ගත කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. විදුලිය බලය නොමැති හෙයින් එම ගම්මානයේ ජීවත්වන සිඟිති, තුරුණු, වැඩිහිටි සියලු පිරිස්වලට කුදු මහත් අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන්නේ කුප්පි ලාම්පු එළියෙන් බවත් ලාම්පු තෙල් සොයා ගැනීමට නොහැකි වූ විට මුළු ගම්මානයම අන්ධකාරයෙන් වැසී යන බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය